spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සතොසේ බිත්තර මිලත් අද සිට වැඩිවෙයි

ඉන්දියාවෙන් ආනයනය කර සතොස හරහා අලෙවි කරන බිත්තරවල මිල අද සිට ඉහළ දමන බව වෙළඳ අමාත්‍යංශය පවසනවා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ සතොස හරහා අලෙවි කරන ආනයනික බිත්තරයක මිල අද සිට රුපියල් 43ක් දක්වා ඉහළ යන බවයි.

මීට පෙර එම බිත්තරයක් සතොස හරහා අලෙවි කෙරුණේ රුපියල් 35ක මිලකටයි.

එහෙත් වැට් බදු සංශෝධනය හේතුවෙන් ආනයනික බිත්තරවල මිල ඉහළ දැමීමමට සිදුවූ බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ.

වැට් බදු සංශෝධනය හේතුවෙන් මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් මතුවූ කතා බහ හමුවේ පසුගිය කිහිපයේදී සතොස වෙළඳසැල්වල ද බිත්තර හිඟයක් පැවතුනා.

අද වන විට දේශීය බිත්තර රු 50-60 අතර මිලකට වන අතර වැට් වැඩි වීම නිසා ආයනියනික බිත්තර මිල ද ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?