සතුන් මිලදී ගැනීම ගැන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට කෝපා කමිටුවෙන් උපදෙස්

2018 වසරේ සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී ඇතැම් පක්ෂීන් සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් 50000ක් පමණ වුවද මිලදී ගෙන ඇත්තේ රුපියල් මිලියන 1.5 කට පමණ බව පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. මේ අනුව ඇස්තමේන්තු ගත මුදලට වඩා මිලදී ගෙන ඇති මුදල 3000%ක පමණ වැඩිවීමක් බවටයි මෙහිදී හෙළි වූයේ.

මෙම ප්‍රසම්පාදනයේදී ‍සැපයුම්කරු විසින් පක්ෂීන් වර්ග 32ක්ම සැපයිය යුතුය යන කොන්දේසිය හේතුවෙන් වැඩි මිල ගණන් යටතේ පක්ෂීන් මිලදී ගැනීමට සිදුවීම නිසා රුපියල් මිලියන 17කට ආසන්න අලාභයක් සිදුවීම පිළිබදව කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබද විමර්ශනය සදහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදී යි මෙම කරුණු අනාවරණය වූයේ.

මෙම මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත වියදම සහ සැබෑ වියදම අතර මෙතරම් විශාල ප්‍රමාණයක වෙනසක් තිබීම ගැටලු සහගත බව කමිටුව අවධාරණය කරනු ලැබුවා.

අදාළ විෂය සහ වෙළදපොළ සම්බන්ධ අවබෝධය මෙම ‍දෙපාර්තමේන්තුව සතු බැවින් ‍තක්සේරු මුදල සහ සැබෑ වියදම අතර මෙතරම් ඉහළ අගයක් පැවතීම පිළිබදව කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා. එබැවින් මේ පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙසත් නිවැරදි තක්සේරුකරණයේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඉදිරියේදී අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසත් කෝපා සභාපතිවරයා අවධාරණය කරනු ලැබුවා.

අලුතින් එක්වූ සත්වෝද්‍යාන ඇතුළු කරුණු පනතට කඩිනමින් ඇතුළත් විය යුතු බැවින් පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කර තිබෙනවා. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කිරීමෙන් ඉදිරි මාසයක් ඇතුළත එම කටයුතු අවසන් කරන ලෙසත් මේ පිළිබඳ වාර්තාවක් අගෝස්තු 5වනදාට පෙර ලබා දෙන ලෙසත් කෝපා සභාපතිවරයා උපදෙස් දෙනු ලැබුවා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අදායම නිසි පරිදි වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දී තිබෙනවා. මේ අනුව ටිකට්පත්වලින් හා අනෙකුත් ක්‍රියාකාරකම්වලින් ලැබෙන ආදායම් වෙන් වෙන්ව ඉදිරිපත්කරන ලෙසටයි විගණකාධිපතිවරයා උපදෙස් දුන්නේ.

දැනට වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් නොමැති බව නිරීක්ෂණය වන ‍බැවින් වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් කමිටු සභාපතිවරයා දැනුම් දී තිබෙනවා. IUCN රතු දත්ත පොතට අනුව දක්වා ඇති මෙරට දැනට වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙනු ලැබුවා. ඒ අනුව මේ සම්බන්ධව පුළුල් ජාතික සමීක්ෂණයක් සිදු කළ යුතු බවටයි අවධාරණය කෙරුණේ.

මෙහිදී පින්නවල අලි අනාථාගාරය, පින්නවල වාගොල්ල සත්වෝද්‍යනය සහ රිදියගම සෆාරි උද්‍යානය යන ආයතනවල ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් 900ක් අතුරින් සතුන් 485 දෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ බව හෝ හඳුනාගෙන නොතිබීම පිළිබදව මෙහිදී විමසනු ලැබුවා. මෙම සතුන් අතුරින් 300කට අධික පිරිසක් ඉන්දියාවෙන් ගෙනා තාරකා ඉබ්බන් බවත් නඩු කටයුත්තක් අවසන් වන තුරු සත්වෝද්‍යානය භාරයේ සිටින බවත් මෙහිදී අනාවරණය වුණා. එසේම මෙම සෆාරි උද්‍යානයේ එක් පශු වෛද්‍යවරයෙක් පමණක් සිටින බැවින් කඩිනමින් පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙසටයි කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේ.

එසේම ආයතනය සතුව නිසි උපායමාර්ගික සැලැස්මක් නොමැති බැවින් 2024 – 2030 වර්ෂ සදහා නව සැලැස්මක් පිළියෙල කර ‍මෙම වසරේ දෙසැම්බර් 31 වන විට එහි කටයුතු අවසන් කරන ලෙස ද උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24