සතුන්ගේ සමාජය තුළ කිසිඳු නීතියක් නෑ

“මහම්මද්තුමන් අපිට දේශනා කළේ සාමයයි. ඔහු අපිට සාමය සහ යුක්තිය ගැන කියලා දුන්නා. යුක්තිය කියන්නේ මනුෂ්‍ය සමාජය හා බැඳුණු දෙයක්. සතුන්ගේ සමාජය තුළ කිසිදු නීතියක් නෑ.” යැයි පාකිස්තාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

” සතුන් ඉදිරියේ මනුෂ්‍යෙයකුගේ ජීවිතයක් බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නාන් ගැන අපි ආඩම්බර වෙනවා. ඔහු අපේ තාරුණ්‍යයට ආදර්ශයක්” යැයිද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියවඩන බේරා ගැනීම වෙනුවෙන් උත්සාහ කළ මලික් අද්නාන් වෙත ගෞරවය පුද කිරීම වෙනුවෙන් පැවැති උත්සය අමතමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අගමැතිවරයා, ‍”ආගමට අපහාස කළ බවට යමෙකුට චෝදනාවක් එල්ල වුණොත් කිසිදු නීතීඥයෙකු හෝ අධිකාරිමය බලයක් සහිත අයෙකු එවැන්නන් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. එතැනදී වෙන්නේ ඒ වින්දිතයාට දඩුවම් ලැබීමයි. මොකද හැම කෙනෙක්ම එවැනි දේවලට ඉදිරිපත් විමට බිය වෙනවා. නීතීඥවරුන් එම පුද්ගලයා වෙනුවෙන් ඉදිරියට එන්නේ නෑ. විනිසුරන් මෙවැනි නඩු විමසීමත් ප්‍රතික්ෂේප කරනවා.”

“මේ සිආල්කොට් සිදුවීමෙන් පස්සේ සමස්ත රටම එක මතයකට ඇවිල්ලි සිටිනවා යළිත් එවැනි සිදුවීම් රට තුළ සිදුවීමට අවස්ථාව ලබා නොදිය යුතුයි කියලා.” යනුවෙන්ද අගමැතිවරයා පවසා තිබේ.

“මේ සිදුවීම බොහෝ පැතිවලට ගියා. ඇතැමුන් මින් වාසි ලබා ගත්තා. අපේ රට තමයි ඉස්ලාම් ආගමේ නාමයෙන් බිහි වුණු එකම රට. ඒත් මේ සිදුවීම අපිට අතිවිශාල කැළලක් ඇති කළා.” එහිදී අගමැතිවරයා විදේශයන්හි වෙසෙන පිරිස් මෙම සිදුවීම සම්බන්ධයෙන් තමාට එවූ පණිවුඩ පිළිබඳව සඳහන් කරමින් පවසා තිබේ.

“පිටරටවල ඉන්න අය දන්නේ නෑ මොකක්ද ඉස්ලාම් ආගම කියන්නේ කියලා. මෙවැනි සිදුවීමක් දැක්ක ගමන්ම ඔවුන් ආගමෙන් තමන්ව ඈත් කරගන්නවා.”

මේ අතර ඉන්දියාව විසින් සිආල්කොට් සිදුවීම පාකිස්තානය අපහාසයට ලක් කිරීම සඳහා යොදා ගත් බවටත් අගමැති ඉම්රාන් ඛාන් මෙහිදී චෝදනා කළේය. “ඉන්දියානු රූපවාහිනි නාලිකාවල පෙන්නුවේ මෙවැනි සිදුවීම් පාකිස්තානය තුළ සෑම විටම සිද්ධ වෙනවා කියලයි. එය ඉතාමත් අයුක්ති සහගත කාරණාවක්.

එසේම සිය ජීවිත කාලය තුළදී යළිත් පාකිස්තානය තුළ මෙවැනි සිදුවීමක් ඇති වීමට ඉඩ නොදෙන බවත් අගමැති ඉම්රාන් ඛාන් මෙහිදී අවධාරණය කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26