spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සතියක කාලයක් 50ට බිත්තරේ විකුණන්න අවස්ථාව ඉල්ලයි

බිත්තරයක් රුපියල් 50.00ක මිලක් යටතේ සතියක කාලයක් අලෙවි කිරීමට වෙළඳුන්ට අවස්ථාව ලබාදෙන ලෙස බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් අද (25) එම සංගමය මේ බව සඳහන් කර සිටියා.

මේ අතර එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වට විට බිත්තර නැවත පිටරටින් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ වන විට උත්සව සාමය අවසන් වී තිබීම හේතුවෙන් ඉදිරි මාස 08ක කාලය සඳහා බිත්තර ආනයනය කිරීම කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව ඔවුන් මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙරටට බිත්තර ආනයනය කළ ද බිත්තර යොදාගනිමින් නිෂ්පාදනය කරන නිෂ්පාදනවල මිලේ අඩුවීමක් සිදුනොවූ බවත්, ඉදිරියේ දී බිත්තර ආනයනය කළත් ජනතාවට ලැබෙන සෙතක් නොමැති බවයි එම සංගමය සඳහන් කර සිටියේ.

බිත්තර ආනයන හරහා ඇතැමුන්ගේ මඩිය තරකර ගැනීමේ වැඩපිළිවෙළක් සිදුවෙන බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?