සතියක කාලයක් 50ට බිත්තරේ විකුණන්න අවස්ථාව ඉල්ලයි

බිත්තරයක් රුපියල් 50.00ක මිලක් යටතේ සතියක කාලයක් අලෙවි කිරීමට වෙළඳුන්ට අවස්ථාව ලබාදෙන ලෙස බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් අද (25) එම සංගමය මේ බව සඳහන් කර සිටියා.

මේ අතර එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වට විට බිත්තර නැවත පිටරටින් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ වන විට උත්සව සාමය අවසන් වී තිබීම හේතුවෙන් ඉදිරි මාස 08ක කාලය සඳහා බිත්තර ආනයනය කිරීම කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව ඔවුන් මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙරටට බිත්තර ආනයනය කළ ද බිත්තර යොදාගනිමින් නිෂ්පාදනය කරන නිෂ්පාදනවල මිලේ අඩුවීමක් සිදුනොවූ බවත්, ඉදිරියේ දී බිත්තර ආනයනය කළත් ජනතාවට ලැබෙන සෙතක් නොමැති බවයි එම සංගමය සඳහන් කර සිටියේ.

බිත්තර ආනයන හරහා ඇතැමුන්ගේ මඩිය තරකර ගැනීමේ වැඩපිළිවෙළක් සිදුවෙන බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14