සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලය නැගෙනහිර පළාතේ මහජන අදහස් විමසයි

සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් නැගෙනහිර පළාතේ මහජන අදහස් විමසීම සාර්ථකව අවසන් කර තිබෙනවා.

ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සඳහා අවබෝධය සහ නිර්දේශ රැස් කිරීමේ අරමුණිනුයි මෙම අදහස් විමසීම සිදු කරනු ලබන්නේ.

නැගෙනහිර පළාත් වැඩසටහනේ පළමු අදියර ත්‍රිකුණාමලයේ දී පැවැත්වුණු අතර ත්‍රිකුණාමල පදවියේ රදගුරු නොයෙල් එම්මානුවෙල් පියතුමා, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ප්‍රධානී මහාචාර්ය වතිනි දේවදාසන් මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි, ආචාර්ය රාමනාත් ශ්‍රීඥානේශ්වරන් යන මහත්වරු ඇතුළු පළාතේ සිවිල් සමාජ ක්‍රියාකාරින් රැසක් සහ මුතුර් සන්තෝෂපුරම් හි ආදිවාසී ජනතාව ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් සමඟ එම අදහස් විමසීම සිදු කර තිබෙනවා.

මේ අතර සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ සාමාජිකයින් මඩකලපුවේදී ද අදහස් විමසීමේ වැඩසටහනක් පැවැත්වු අතර, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. මුරලිදරන් මහත්මිය, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ආචාර්ය ප්‍රභාකරන් මහතා ඇතුළු පීඨාධිපතිවරුන් සහ අධ්‍යයන සහ විධායක කාර්ය මණ්ඩල සාමාජිකයන් ද, මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සමාජයේ සභාපති එස්. මාමංගරාජා මහතා සහ එහි සාමාජිකයින්, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් ආයතන සම්මේලනයේ ලේකම් ඒ.එල්.එම්.සබීල් මහතා ඇතුළු සාමාජිකයින් සමඟ එහිදී සාකච්ඡා කළා.

එසේම සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම කල්මුණේ ප්‍රදේශයට ගොස් කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් ටී.ජේ.අතිසයරාජ් මහතා සහ සිවිල් සමාජ නියෝජිතයන් ද, අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ. රමීස් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ සිවිල් සමාජ සංවිධාන කිහිපයක සාමාජිකයින් සමඟ ද සාකච්ඡාවක නිරත වුණා.

සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ නැගෙනහිර පළාත් වැඩසටහන අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරයේ දී එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි නාහිමියන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි අවසන් කෙරුණේ.

පාර්ලිමේන්තු පනතක් මගින් සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති පියවර, යෝජිත කොමිෂන් සභාවට පදනම සැකසීමේදී සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි කාර්යභාරය, 2024 ජනවාරි මස 2 වැනි දින ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති යෝජිත පනතේ ප්‍රධාන ලක්ෂණ සහ යෝජිත යාන්ත්‍රණය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂාවන් සහ අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවලදී සිදු වී තිබෙනවා.

මෙහිදී සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම විසින් 1983 සිට 2009 දක්වා කාලය තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති ගැටුම්වලින් පීඩාවට පත් වූවන්ගේ දුක්ගැනවිලි විසඳීම සඳහා යෝජිත පනත් කෙටුම්පතෙහි අරමුණ පැහැදිලි කළ අතර මෙම පනත් කෙටුම්පත සමාලෝචනය කර ඔවුන්ගේ අදහස් ද මේ සඳහා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

අදාළ කෙටුම්පත සකස් කිරීමේදී ඔවුන් විසින් මතු කරන ලද ගැටළු සහ යෝජනා පිළිබඳ නිසි අවධානය යොමු කරන බවද සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම විසින් පාර්ශවකරුවන්ට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මෙම සාකච්ඡාවලදී ඉදිරිපත් වූ නැගෙනහිර පළාතේ ජනතාවගේ ගැටළු සහ ඔවුන් මුහුණ දී සිටින අභියෝග පිළිබඳ අදාළ බලධාරීන්ගේ නිසි අවධානයට යොමු කරන බව ද සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම මෙහිදී දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48