spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සත්‍ය සමඟිය සහ සංහිඳියාව සඳහා වූ පනතට මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ප්‍රසාදයට

සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලාගේ ප්‍රසාදය පලකර තිබෙනවා.

සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංස ඇතුළු නිලධාරීන් විසින් පසුගියදා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැ දැක එම කෙටුම්පත පිළිගැන්වූවා.

පනත් කෙටුම්පත පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේලා එය තවදුරටත් සමාලෝචනය කර ඒකාබද්ධ අදහසක් ඉදිරිපත් කිරීමට ද එකඟ වුණා.

සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාල ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ද නිලධාරීන් විසින් මෙහිදී වැඩිදුරටත් මහ නා හිමිවරු දැනුවත් කරනු ලැබුවා.

WhatsApp Image 2024 02 21 at 11.12.04 1
WhatsApp Image 2024 02 21 at 11.12.04
WhatsApp Image 2024 02 21 at 11.12.02
WhatsApp Image 2024 02 21 at 11.12.00
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?