සත්තු වත්තේ තත්ත්වය දරුණු අතට – නවතම තොරතුරු මෙන්න

තෝර් හුදෙකලාවේ

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා සිටින “තෝර්” නමැති සිංහයාට කොවිඩ් 19 ආසාදනය වූ බවට හඳුණාගැනීමත් සමග එම සිංහයා අනෙක් සතුන්ගෙන් වෙන් කර තැබීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සිංහයා ආහාර ගැනීම ද ප්‍රතික්ෂේප කොට සිටි බවට වාර්තා වුවත් වනජීවී රැකවරණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළේ සිංහයා මේවන විට සුප් පානය කිරීම සිදු කරන බවයි.

එමෙන්ම ආසාදිත සිංහයා සමග ගැවසුණු සිංහ ධේනුවක් ද මලානික ස්වරූපයකින් සිටින බව වාර්තා වූවා.

සිංහ කූඩුව භාරව සිටි රැකවලුන් දෙදෙනෙකු ද සත්වෝද්‍යානය තුළම නිරෝදායනයට ලක් කර ඇති බව සඳහන්.

මෙම සිද්ධිය වාර්තා වූ සැණින් සත්වෝද්‍යානයේ සිදුකෙරුණු සියලු ඉදිකිරීම් කටයුතු නතර කර තිබෙන අතර සත්වෝද්‍යානය ද වසා දැමීමට කටයුතු කරනු ලැබුවා.

සේවකයින් අතරිනුත් කොවිඩ් මතුවෙයි

මේ අතර මෙම සිංහයා ආසාදිත බවට හඳුණාගැනීමත් සමග සත්වෝද්‍යානයේ සේවක සේවිකාවන්ට සහ එහි ඉදිකිරීම් වැඩබිම්වල සේවකයින්ට ඊයේ (18) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගත්තා.

සත්වෝද්‍යානය තුළ සිටි සේවකයින් 30 දෙනෙකු පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට මෙලෙස භාජනය කොට තිබුණා.

සත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසන්නේ ඒ හරහා එක් සේවකයෙකු ආසාදිතයෙකු ලෙස හඳුණාගෙන ඇති බවයි.

ඔහු ඊයේ දිනම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

සීබ්‍රාවෙකුත් ආසාදිතයි – තවත් සතුන් නිරෝදායනයේ

මේ අතර සත්වෝද්‍යානයේ හටගෙන ඇති තත්ත්වය පිළිබඳ පරීක්ෂණ සිදුකිරීම සඳහා ඊයේ දිනයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීහු කණ්ඩායමක් ද එහි ගොස් තිබෙනවා.

සැක සහිත සතුන් කිහිපදෙනෙකුම නිරෝදායනයට යොමු කර ඇති බවත්, එම සතුන් සඳහා ද කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළේ සිංහයාට අමතරව සීබ්‍රා පැටවෙකු ද කොවිඩ් ආසාදිත බවට හඳුණාගෙන ඇති බවයි.

විශේෂයෙන් සත්වෝද්‍යානයේ සිටින වඳුරන් විශේෂයක් පිළිබඳ සැක සහිත තත්ත්වයක් හටගෙන ඇති බව යි වාර්තා වූයේ.

මේ අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ මධ්‍යම සත්වෝද්‍යාන අධිකාරියේ ද උපදෙස් ලබාගෙන ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38