සත්කාරකයින්ට ජය හිමිකර දෙමින් දින දෙකෙන් නිම වූ අළු බඳුනේ පළමු තරගය

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බඳුන තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

තරගය ඊයේ (21) පර්ත් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර කාසිය වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එංගලන්ත පළමු ඉනිම ලකුණු 172කට සීමා වූ අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ද රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

ඉන් අනතුරුව නැවතත් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්තය ලකණු 164 කට සීමා කිරීමට මිචෙල් ස්ටාක් සහ ස්කොට් බෝලන්ඩ් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව ලකුණු 204ක ජයග්‍රාහී ඉලක්කලක් වෙනුවෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලයානුවන් පන්දුවාර 28ක් පමණක් වැය කරමින් තරගයේ ජය වාර්තා කළා.

එහිදී ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන්ට කලකට අමතක නොවන ඉනිමක් දියත් කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් පන්දු 83ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 123ක් රැස්කර ගනු ලැබුවා.

මාර්නස් ලැබුස්චේන් නොදැවී සිය අර්ධ ශතකය වාර්තා කළ අතර තරගය නිම වීමට දින තුනක් ඉතිරිව තිබියදීම තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා.

තරග පහකින් සමවිත තරගාවලියේ මීලග තරගය ලබන 04 වැනිදා ආරම්භ වීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30