විවාහ ජීවිතේ ගැන මට එච්චර පැහැදීමක් නෑ

මුලින්ම මම පාසල් ගමන පටන් ගත්තේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයෙන්. ඉන්පසුව මව්පියන් රජයේ නිලධාරින් වීම නිසා රටපුරා යන්න අපට සිද්ධවුණා. මම පාසල් 12 කට ගිහින් තියෙනවා. අන්තිමට පාසල් ගමන නිමා කළේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාවෙන්මයි. මෙහෙම කියන ප්‍රියංකා අබේගුණසේකර, කලා ක්ෂේත්‍රයට ආවේ ජාතික රූපවාහිනියේ විකාශවූ ඇඟිලි සළකුණ කතා මාලාව ඔස්සේය. වෘත්තියෙන්  දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරිනියක වන ප්‍රියංකා අපට කියන්නේ මොනවද බලමු?

කවුද මේ ප්‍රියංකා?

මම දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කරනවා. ඒ අතරේ රඟපෑම් කරනවා. ඊටත් අමතරව තිර පිටපත් රචනය කරනවා.

ප්‍රියංකාගේ ගම

අනුරාධපුරය. උපන්නේ කුරුණෑගල දී.

ප්‍රියංකාව මිනිස්සු හඳුනා ගත්තෙ?

මුලින්ම ජාතික රූපවාහිනියෙ ඇඟිලි සළකුණ වැඩසටහන් මාලාවෙන්. ඊට පස්සේ සුගත් සමරකෝන් මහතා යටතේ ඩ්‍රාමා කෝස් එක කළා. පසුව කැලණිය සරසවියෙන් ජනසන්නිවේදනය පිළිබඳව විෂයයන් හතරක් සහිතව කලා උපාධිය නිමා කළා.

රඟපෑමට එන්නෙ?

අහම්බයෙන් වගේ ඒක වුණේ. ඇඟිලි සළකුණ වැඩසටහනක් අපේ ගෙදර කළා. එහි අධ්‍යක්ෂ මාවෝ ලක්ෂිත මහතා තමයි පසුව මට කතා කළේ.

ඊට කලින් රඟපාලා තිබුණේ නැද්ද?

නැහැ.

රඟපාන්න ආසාවෙන්ද හිටියෙ?

ඔව්, ඒත් ගෙදරින් කැමැත්ත තිබුණෙ නැහැ කොළඹ ඇවිත් මේවාට දායක වෙනවට.

ඉගෙන ගත්තෙ?

අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයෙන්.

මොනවගේ අරමුණක්ද තිබුණේ?

ගුරුවරියක වීමේ ආසාව තිබුණෙ. පාසල් අධ්‍යාපනයේදී උසස් පෙළට කලා අංශයෙන් පෙනී ඉඳලා ආයුර්වේද ඩිප්ලෝමා පාඨමාලාව කළා. දේශීය වෙදකමට සහ ආයුර්වේදයට මම කැමතියි.

ආයුර්වේද අංශයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස රාජකාරි ස්වභාවය මොන වගේද?

මහජනතාව ආයුර්වේදය පැත්තට යොමුකරවීම, දැනුම්වත් කිරීම වෙනුවෙන් ජනතාවට කරුණු කියා දෙනවා. වැඩසටහන් සංවිධානය කරලා ආයුර්වේදයේ වටිනාකම ගැන කියා දෙනවා. ඒ රස්සාව මම හරි සතුටින් කරන්නෙ.

මුලින්ම රඟපෑ ටෙලිනාට්‍ය?

මුලින්ම රඟපෑමට ආවේ 2007 දී විතර. ස්වාධින රූපවාහිනියේ පෝය කතාවල, නත්තල් කතාවල රඟපානවා. මේ වන විට නාට්‍ය 20 ක විතර රඟපාලා තියෙනවා. ගිරිදේවි, මිහි, රාවණා, ඔබ නිසා, අකුරු මැකී නෑ, දළදාගමනය චිත්‍රපටය ඇතුළු නිර්මාණ කීපයකට දායක වුණා.

ඒ නිර්මාණ අතරින් වැඩිපුරම ඔබ ගැන කතා කළේ?

ගිරිදේවි එකේ ටීචර් කෙනෙක් ලෙස කළ චරිතයෙන්.

අද ප්‍රියංකා හමුවන්නේ?

මේ දිනවල අහිංසා කියලා නාට්‍යයක ෂූටිං කරනවා. අන්තිමට විකාශය වුණේ ‘මිහි’ නාට්‍යය. රඟපෑමට අමතරව දැන්වීම්වලට පෙනී සිටිනවා. නියත ජය ලොතරැයි දැන්වීමට, ටෙලිසීන් ඇතුළු තවත් දැන්වීම් කිපයකට මේවන විට දායක වෙලා තියෙනවා.

ප්‍රියංකාට ප්‍රධාන චරිතවලට ආරාධනා ලැබෙන්නෙ නැත්තෙ?

මම ෆීල්ඩ් එකට ආවේ තරුණියකම ලෙස නෙවෙයිනෙ. කොහොමටත් මගේ අරමුණ තිර රචනයෙන් ඉදිරියට යාමටයි. මේ දිනවලත් නාට්‍ය තුනක තිර රචනයට දායක වෙලා ඉන්නෙ.

ඔබ ලියූ වඩාත් ජනප්‍රිය වූ නාට්‍ය මොනවාද?

ජාතික රූපවාහිනියේ පෝය කතා ජනප්‍රිය වුණා. ඉදිරියට විකාශයට නියමිත ටෙලිමාලා සඳහා තමයි මේ දිනවල තිර රචනය කරන්නේ.

ප්‍රියංකාගේ පුද්ගලික ජීවිතේ විස්තර කියමුද?

මම ඉන්නෙ අම්මා එක්ක. සහෝදර – සහෝදරියන් ඔක්කොම විවාහ වෙලා.

ඇයි ප්‍රියංකා තවම අවිවාහක?

මම හිතන්නෙ විවාහ ජීවිතේ ගැන මට එච්චර පැහැදීමක් නැතිකමයි.

ඇයි විවාහ ජීවිතේ ගැන කළකිරීමක් ඇති වුණේ?

සමාජයේ දේවල් දැකලම තමයි.

ප්‍රියංකා හිතන විදියට විවාහය කියන දේ මොකක්ද?

විවාහය කියන්නෙම ප්‍රශ්න ගොඩාක්. මම හිතන්නේ ඒ ප්‍රශ්න ගොඩට මැදිවෙනවාට වඩා මම නිදහස්.

‘ප්‍රියංකා’ කොහොම කෙනෙක්ද?

හරිම අවංක අන්‍යයන්ට උදවු කරන, උදවු කරලා සතුටු වෙන තමන්ට නැතත් අනුන්ට යමක් ලබාදෙන්න උත්සාහ කරන කෙනෙක්. මට හිතෙන්නෙ මම හොඳයි.

කොහොමද අපේ කලා ක්ෂේත්‍රය හොඳද?

දක්ෂ අයට තැනක් ලැබෙනවා අඩුයි.

කොහොමද එහෙම කියන්නේ?

ප්‍රායෝගිකව දැකලා අත්විඳලා තියෙන දේ එක්ක එහෙම කියන්න පුළුවනි. රඟපාන්න බැරි සමහර අයට අවස්ථාව තියෙනවා. දක්ෂයින් හුදෙකලා වන අවස්ථා තියෙනවා.

ප්‍රියංකාට හිතෙනවාද ප්‍රියංකා දක්ෂයි කියලා?

ඔවු, නැත්නම් රඟපාන්නත්, ලියන්නත් බැහැනෙ.

‘කාන්තාවක් ලෙස’ ගත්තොත් මොන විදියේ කෙනෙක්ද?

අවංක කෙනෙක්. ආදර්ශවත් කෙනෙක්.

ප්‍රියංකාට ජීවිතය ගැන හිතෙන්නේ කොහොමද?

මිනිසකු ලෙස ඉපදිලා ලෝකයට සේවයක් කළ යුතුයි. හිස් අතින් ඇවිත්  හිස් අතින් යා යුතු දෙයක් නොවෙයි. සමාජයට රටට දැනෙන්න යහපත් දෙයක් කරලා, ජීවිතයට වටිනාකමක් දීලා මියයාම තමයි වැදගත්.

ප්‍රියංකාට තවත් මොනවාද කියන්න තියෙන්නේ?

මගේ මවගෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන් කලා කටයුතුවලට ලැබෙන සහාය ඉතා ඉහළයි. මගේ තාත්තා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙ හිටපු ගණකාධිකාරිවරයෙක්. තාත්තා ජීවතුන් අතර නැහැ. මව විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික දුරකථන සේවා නිලධාරිනියක්.

සඳුන් ගම​ගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි
02:06
Video thumbnail
ක්‍රොන්ක්‍රීට් පියන් උස්සන් රැඳවියෝ ඇතුළේ දාන සෙල්ලම - පොලිසියත් උඩ ඉදන් බලන් ඉදියි
01:57
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි - අර්චුනා ඇතුළු ප්‍රබලයින් එයි
01:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:54:18
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි - පාලනයට කඳුළු ගෑස් ග#යි
02:57
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් මෙල්ල කරන්න කඳුළු ගෑස්...
00:10
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඇතුලේ රැඳවියන්ගේ ලොකු ප්ලෑන් එකක්...
00:12