සජිත් හදපු ගෙවල් ගානයි හර්ශගේ වොක්ස්වැගන් කොම්පැනියයි හොයන් ආපු මධුර

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සහ ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් ඊයේ (07) උදෑසන කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

ඒ පසුගිය ආණ්ඩුව යටතේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට චෝදනා කරමිනි.

එහිදී සමගි ජන බලවේග කාර්යාලයේ සිටි පිරිසගෙන් ද ආණ්ඩු පාක්ෂික විරෝධතාකරුවන්ට විරෝධයක් එල්ල විය.

පසුව විරෝධතාකරුවන් විසිර ගියේ පොලීසියද එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුවය.

එහිදි අදහස් දැක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා, 

” මේ ගොල්ලෝ කිව්වා නම් මේ රට අවුරුදු 5ක් තිස්සේ හොඳට හැදුවා කියලා, හොඳට හදපු රටේ විස්තර ටික ගන්න අපි ආවේ. හොඳට හදපු රටේ ආර්ථික තොරතුරු ගන්න ආවේ.

සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් අපි අහනවා ඔයා ගෙවල් කීයක් හැදුවාද මේ අවුරුදු 5ට කියලා.  ඒ වගේම අපි හර්ෂ ද සිල්වාගෙන්  අහනවා වොක්ස්වැගන් ෆැක්ට්‍රිය කොහෙද තියෙන්නේ කියලා ? කර්මාන්ත කීයක් හැදුවාද? රස්සා කීයක් දුන්නාද? පාරවල් කීයක් හැදුවාද?

ආර්ථික වර්ධන වේගය කීයද?රටේ ඒ කාළේ ගත්ත ණයවලට මොනවාද කළේ? අපිට පේන්න රටේ කරපු කිසිදු භෞතික දෙයක් නෑ. විදුලි බලාගාර කීයක් හැදුවාද? 130ට තිබුණ ඩොලරය 200ට ගෙනාවේ කොහොමද? මිනිස්සුන්ට බොරු කියලා ජන ජීවිතය අඩාළ කරනවා අපි ඒක ප්‍රශ්න කරන්නයි ආවේ”

එහිදි එම විරෝධතාවට පැමිණි පිරිස තම කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් චෝදනා කළේය.

එහිදි අදහස් දැක්වු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පැවසුවේ මෙම ක්‍රියාව හෙළා දකින බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙවැනි පහළ තත්ත්වයට ඇදවැටීම සම්බන්ධයෙන් කණගාටු වන බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45