සජිත් වැලිකඩට

අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමක්් වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ (25 දා) ගියහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, මුජුබර් රහුමාන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

රන්ජන් රාමනායක මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බන්ධනාගාරයෙන් පිටතට පැමිණි විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ ඒ මහතාට පූර්ණ නිදහසක් ලබාදෙන ලෙස නැවත නැවත ඉල්ලා සිටින බවයි. රන්ජන් රාමනායක මහතාට මනුෂ්‍යත්වයේ නාමයෙන් නිදහස ලබා දෙන ලෙස අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියත් ඒ මහතාට මේ වනතුරුත් එම නිදහස ලබාදීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් යැයි සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අපට කළ හැකි හැම දෙයක්ම අපි කරනවා. රට විශාල අගතියකට පත්වෙලා ඉන්න මොහොතක රන්ජන් රාමනායක වැනි හඬනගන මන්ත‍්‍රීවරුන් අහිමිවීම අපට විශාල පාඩුවක්. රන්ජන් නිදහස් කර ගැනීම වෙනුවෙන් කරගෙන යන සටන අපි අතහරින්නේ නැහැ යැයි සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය. අධිකරණයට අපහාසාත්මක ප‍්‍රකාශ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසරකට වැඩි කාලයක් තිස්සේ රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතව සිරදඬුවම් විඳිමින් සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැදිගමට ගිය නාමල්ව මිනිස්සු වට කරගයි - "නාමල් මහත්තයට ජයවේවා..! අපේ ගමටත් ආවනේද සර්"
00:57
Video thumbnail
ආශු මාරසිංහ හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි - 225ස් දෙනා පරිස්සම් වෙලා ඉන්න
03:09
Video thumbnail
යන හැම තැනම කියන්නේ ආකර්ෂණීයම ජනපති අපේක්ෂකයා නාමල් කියලා - ඉතා පරිණත විදියට කතා කරන්නේ
02:32
Video thumbnail
හිටපු ඇමති බන්දුලගේ නිවසට ඩෙංගු බලන්න ආ PHI නිලධාරින් - මේ උණ බටවල වතුර පිරිලා..බිත්තර ඇති ?
05:56
Video thumbnail
ආණ්ඩුව බලයට පත්වීම අපිට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් - පෙරලන්න හේතු කියන පොහොට්ටුවේ සංජීව
23:22
Video thumbnail
නාමල් ගම්මු ඉදිරියේ ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි"නඩුත් දාලා හිරෙත් දාන තැනට ඇවිත්"
13:45
Video thumbnail
එල්නීනෝ ලානීනා බලපෑම් සම්බන්ධ සාකච්ඡා ගම් නියම්ගම් කරා ද ගෙන යා යුතුයි
03:18
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26