spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජිත් රජයෙන් කළ ඉල්ලීම

රටේ පවතින ගැටලුවලට විසඳුම් සොයා ගැනීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරයි.

අද (18) කොළඹදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා එම ඉල්ලීම කළේය.

සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන ‘විපක්ෂයෙන් හුස්මක්’ 15වැනි අදියර අද ක්‍රියාත්මක වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අදියර යටතේ රුපියල් ලක්ෂ 64ක් වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තොගයක් කුරුණෑගල රෝහලට ලබා දීම සිදු කෙරුණි.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

“ගොවි ජනතාව අන්ත අසරණභාවයට පත්වෙලා සිටිනවා. පොහොර හිඟය නිසා ගොවි ජනතාව අතරමං වෙලා. ධීවර ප්‍රජාවට තමන්ගේ රැකියාව කරගෙන යන්නට බෑ. කර්මාන්ත ශාලා වැහිලා. කොවිඩ් මර්දන ව්‍යාපාරය අකර්මණ්‍ය වෙලා. එන්නත්කරණය අද රට පුරාවටම සමූහයාට සිදුවන්නේ නෑ. කොටසකට පමණයි එන්නත් ටික ලැබෙන්නේ. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ රට වැටී තිබෙන ප්‍රපාතය තුළ වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න. අපි මේක සාකච්ඡා කරමු. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපි සර්ව පාක්ෂික සමුළුවක් ගෙනැවිල්ලා සාකච්ඡා කරලා මේ රටේ සමුහයාට සිදුවෙලා තියෙන ප්‍රශ්නය ගැන තීරණ ගනිමු. අද තීරණ ගන්නේ නෑ. එකක් අද කියනවා හෙට ආපස්සට යනවා. ආපහු අනිද්දට තවත් එකක් කියනවා. රට ගැන හිතලා ඒ අවස්ථාව ලබාදෙන්න කියලා රජයෙන් ඉතා ඕනෑකමින් කියා සිටිනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?