සජිත් රජයෙන් කළ ඉල්ලීම

රටේ පවතින ගැටලුවලට විසඳුම් සොයා ගැනීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරයි.

අද (18) කොළඹදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා එම ඉල්ලීම කළේය.

සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන ‘විපක්ෂයෙන් හුස්මක්’ 15වැනි අදියර අද ක්‍රියාත්මක වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අදියර යටතේ රුපියල් ලක්ෂ 64ක් වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තොගයක් කුරුණෑගල රෝහලට ලබා දීම සිදු කෙරුණි.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

“ගොවි ජනතාව අන්ත අසරණභාවයට පත්වෙලා සිටිනවා. පොහොර හිඟය නිසා ගොවි ජනතාව අතරමං වෙලා. ධීවර ප්‍රජාවට තමන්ගේ රැකියාව කරගෙන යන්නට බෑ. කර්මාන්ත ශාලා වැහිලා. කොවිඩ් මර්දන ව්‍යාපාරය අකර්මණ්‍ය වෙලා. එන්නත්කරණය අද රට පුරාවටම සමූහයාට සිදුවන්නේ නෑ. කොටසකට පමණයි එන්නත් ටික ලැබෙන්නේ. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ රට වැටී තිබෙන ප්‍රපාතය තුළ වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න. අපි මේක සාකච්ඡා කරමු. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපි සර්ව පාක්ෂික සමුළුවක් ගෙනැවිල්ලා සාකච්ඡා කරලා මේ රටේ සමුහයාට සිදුවෙලා තියෙන ප්‍රශ්නය ගැන තීරණ ගනිමු. අද තීරණ ගන්නේ නෑ. එකක් අද කියනවා හෙට ආපස්සට යනවා. ආපහු අනිද්දට තවත් එකක් කියනවා. රට ගැන හිතලා ඒ අවස්ථාව ලබාදෙන්න කියලා රජයෙන් ඉතා ඕනෑකමින් කියා සිටිනවා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46