සජිත් නිවාස ඇමති ලෙස සිටියදී වැඩ අවසන් නොකළ උදා ගම්මාන ගැන තීරණයක්

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150ක අඩක් ඉදිකර ඇති නිවාස 39,815ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය පැනල නිවාස ව්‍යාපෘතිය සහ ගමට බලාගාරයක් වැඩසටහන යටතේ විදේශීය ආයෝජකයකු මගින් එම නිවාසවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කරන බවයි.

වත්මන් විපක්ෂ නායකවරයා නිවාස අමාත්‍යවරයාව සිටි 2015-2019 කාලය තුළ දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබුණා. එහෙත් ඒවායේ වැඩ අවසන් කර තිබුනේ අර්ධ වශයෙන්. බොහෝමයක් නිවාස පදිංචියට සුදුසු තත්ත්වයේ නොතිබීම හේතුවෙන් ඒවායේ හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවටයි පසුගිය සමයේදී තොරතුරු වාර්තාවී තිබුණේ.

මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ එක් උදාගම්මාන වැඩ සටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා බෙදා දීම හේතුවෙන් බවට ද තොරතුරු අණාවරණය වී තිබෙනවා. තමන්ගේ කාලයේදී ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් මෙලෙස කටයුතු කර ඇති බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව මෙලෙස වැඩ අවසන් නොකර අතහැර දමා තිබූ උදාගම්මාන 8ක නිවාස 2,795ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට පියවර ගෙන තිබුණා. රජයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් එම ගම්මානවල වැඩ අවසන් කර තිබෙනවා. නමුත් කොවිඩ් -19 ව්‍යාප්තිය හා රට මුහුණ දුන් ආර්ථික අර්බුධ හා අරගල හේතුවෙන් එම වැඩ පිළිවෙල ද අතරමඟ නතර කිරීමට සිදුවූ බව සඳහන්. මෙම තත්ත්වය සැළකිල්ලට ගත් ඇමති ප්‍රසන්න රණතුංග අධිකාරියට උපදෙස් දී ඇත්තේ එම ගම්මානවල වැඩ අවසන් කෙරෙන තෙක් නව ගම්මාන ඉදි නොකරන ලෙසයි.

මේ අතර විවිධ රජයන් විසින් වැඩ ආරම්භ කර අතරමඟ නතර කර දමා ඇති නිවාස 98,000ක ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය ප්‍රකාශ කළේ ඒ සඳහා රුපියල් මිලියන 24,000ක මුදලක් අවශ්‍ය බවයි.

ඒ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට සුදුසු වැඩ පිළිවෙලක් කඩිනමින් සකස්කර තමන් වෙත ඉදිරිපත් කරන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම සජිත් ප්‍රේමදාස නිවාස විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී තමන්ට රිසිසේ අන්තනෝමතික ලෙස නිවාස ආධාර හා ණය ලබාදී ඇති බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට එලෙස වැඩි වශයෙන් නිවාස අධාර හා ණය ලබාදී ඇති බවටයි අණාවරණය වී ඇත්තේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම පරීක්ෂණ මගින් අණාවරණයවන තොරතුරු අනුව නුසුදුසු ප්‍රතිලාභීන්ගේ ඉදිරි නිවාස ණය හා ආධාර වාරික ලබා නොදීමටත්, මෙතෙක් ලබාදී ඇති වාරික යළි ඔවුන්ගෙන් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54