spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජිත් ජනරැළි අසූවක, මහින්ද පළාත් නවයටම, අනුර ජනරැළි 15ක් ඇමතීමට සූදානමින්

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන ජනරැළි මාලාවේ පළමු ජනරැළිය අද (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දී මෙම ජනරැළිය පැවැත් වෙනවා.

අද (29) පස්වරු 2.00 ට කුරුණෑගල සත්‍යවාදී පිටියේදී මෙම රැළිය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර මැතිවරණ ප්‍රචාරක රැළි 80ක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගීවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුන්වෙන් හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ පළාත් නවයේම රැළි ඇමතීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාතික ජනබලවේගයේ ජය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජනරැළි 15ක් සඳහා එක්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?