සජිත් ඉරාන ජනපතිට ශෝකය පළ කරයි

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සාතිශය සංවේගය පළ කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර අසර්බයිජානයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍යවරයා වන ආචාර්ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ සහ තවත් රාජ්‍ය නිලධාරීන් 8 දෙනා වෙනුවෙන් සිය සාතිශය සංවේගය පළ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (22) කටයුතු කළේය.

ඒ අද ඉරාන තානාපති කාර්යාලයේදී ඉරාන තානාපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුවයි.

මේ හදිසි අනතුරු සහ අභාවය අසා තමා ඉමහත් කම්පනයට පත් වූ බවත් ඉරාන ජනාධිපතිවරයාගේ මේ අනපේක්ෂිත අභාවය ශ්‍රී ලංකාවට සහ අප කලාපයට විශාල පාඩුවක් වූ බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් පැවසීය.

එසේම ඉරාන ජනාධිපතිවරයා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසකට ආධාර උපකාර ලබා දුන් බවත් ඒවා කිසිදා අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉරාන තානාපතිවරයා හමු⁣වේ පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03