සජිත්ගේ “හුස්ම” ට පැහැදුනු චීනය…

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් මෙරට රෝහල්වල සෞඛ්‍යය නගාසිටුවීම අරමුණු කොට ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයේ හුස්මක්” වැඩසටහන පිළිබඳව ස්වකීය ප්‍රසාදය සහ, සතුට පළ කරමින් චීන රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එම වැඩසටහනට සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ඒ අනුව වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින ඛිඩ්නෙය් ඪිඅල්ය්සිස් Mඅචිනෙ සදහා රුපියල් ලක්ෂ එකසිය අනූහයක මූල්‍ය ආධාරයක් ලබා දීමට චීන රජය අද (22) කටයුතු කලේය.

එය සහමුලින්ම ණය මුදලක් නොවන පරිත්‍යාගයක් බව චීන නියෝජිතයින් පැවසීය.

මෙම ආධාර මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් චීනය සමඟ පැවැති සාකච්ඡාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිරන්තරයෙන් අවධාරණය කළේද තම රටේ පුරවැසියන් වෙනුවෙන් ණය මුදලක් වෙනුවට පරිත්‍යාගයක් ලබා දෙන ලෙසය. අදාල වැඩසටහන ඒ පවත්නා විනිවිදභාවය විනිවිදභාවය පිළිබඳව දැඩිව පැහැදීමට පත්ව සිටින තමන් මෙම පරිත්‍යාගය ලබාදෙන බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද හුස්ම සමාජ සත්කාර වැඩසටහන මේ වන විට අදියර තිස් හතරක් පවත්වා තිබේ.

ඒ හරහා රෝහල් වලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබාදීමට කටයුතු කරන ලද අතර ඉතා විනිවිද ලෙසත්, ක්‍රමානුකූලව සහ ප්‍රශස්ත ලෙසත් එම කටයුත්ත සිදු කරන බවට තමන්ට නිරීක්ෂණය වී ඇතැයි කොළඹ චීන තානාපති කී. සෙන්හොංග් මහතා පැවසීය.

මෙරට ජනතාවගේ සුභසිද්ධිය සහ සෞඛ්‍යය වර්ධනය කිරීම වෙනුවෙන් චීනය ලබා දුන් මෙම පරිත්‍යාගය පිළිබඳව ස්වකීය කෘතවේදීත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් පුද කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, සම්ප්‍රදායක විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික කැපවීම සමගි ජන බලවේගය ආදර්ශයෙන්ම පෙන්වන බව පැවසීය.

ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් නොකළ සංවර්ධන කටයුතු රැසක් බලය නැතිව පවා ඉටු කිරීමට තම පක්ෂයට හැකිවූ බව පැවසූ විපක්ෂ නායකතුමා තමත් සිදුකරන්නේ දේශපාලනය වෙනුවට දේශසේවය බවද පැවසීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 34 ක් තුල ලක්ෂ 1016ට අධික වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34