spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජිත්ගේ සහෝදරිය අනුර කුමාරට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැරසෙයි

විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී සජිත් ප්රේමදාසගේ සහෝදරිය වන දුලන්ජලී ජයකොඩි මහත්මිය, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ ඔහු සිදු කළ බව කියන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන්.

දුලංජලී ජයකොඩිගේ නීතිඥයින් විසින් නිකුත් කරන ලද ලිපියක දැක්වෙන්නේ තම සේවාදායිකාව සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා ව්‍යාජ තොරතුරු සහ අපහාසාත්මක ප්‍රකාශ සිදු කර ති බවටයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් දුලන්ජලී ජයකොඩි අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

2017 වසරේ සිදු වූ බව කියන මූල්‍යමය ගනුදෙනුවකට අදාළව මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇතැයි පැවසෙන අතර එන්තරවාසිය මගින් නීතිඥවරයා පෙන්වා දෙන්නේ අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරමින් ජනතා මතය වෙනස් කරන බවයි.

Dulanjalee 1
Dulanjalee 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?