spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජබ මැතිවරණ අපේක්ෂයා ලොරි රථ රියදුරෙකුට මහ මඟ දී ගුටි දීලා

මාර්ගයේ දුහුවිලි විසිරී යන ආකාරයට ලොරි රථයක් ධාවනය කළ බවට චෝදනාකරමින් රියදුරෙකුට පහර දුන් බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගය යටතේ පළත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ආනවිලුන්දාව, නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියදුරා විසින් ආරච්චිකට්ටුව පොලීසියට සිදුකළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය පළමු වනදා සවස තමා විසින් ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව මාර්ගයේ ලොරි රථයක් ධාවනය කළ බවත්, එම රථයෙන් දුහුවිලි විසිරී ගිය බව පවසමින් මැතිවරණ අපේක්ෂකයා සහ තවත් අයෙකු තමන්ට පහරදුන් බවටයි පැමිණිලි කර ඇත්තේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු ආරච්චිකට්ටුව, වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?