සජබ මැතිවරණ අපේක්ෂයා ලොරි රථ රියදුරෙකුට මහ මඟ දී ගුටි දීලා

මාර්ගයේ දුහුවිලි විසිරී යන ආකාරයට ලොරි රථයක් ධාවනය කළ බවට චෝදනාකරමින් රියදුරෙකුට පහර දුන් බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගය යටතේ පළත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ආනවිලුන්දාව, නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියදුරා විසින් ආරච්චිකට්ටුව පොලීසියට සිදුකළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය පළමු වනදා සවස තමා විසින් ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව මාර්ගයේ ලොරි රථයක් ධාවනය කළ බවත්, එම රථයෙන් දුහුවිලි විසිරී ගිය බව පවසමින් මැතිවරණ අපේක්ෂකයා සහ තවත් අයෙකු තමන්ට පහරදුන් බවටයි පැමිණිලි කර ඇත්තේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු ආරච්චිකට්ටුව, වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08