සචිත්‍රගේ ගෙට පැන්න හොරා බඩුත් එක්ක මාට්ටු

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ 50ට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයා කොට්ටාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජුනි මස 22 වනදා රාත්‍රියේ මෙම සොරකම සිදුව තිබූ අතර, එහිදී ලැප්ටොප් පරිගණකයක්, ටැබ් යන්ත්‍ර 02ක්, අත් ඔරලෝසු 05ක්, බ්‍රේස්ලට් 04ක්, මුදු 02ක් සහ රුපියල් 10,000ක මුදලක් සොරාගෙන ගොස් තිබුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගේ නිවසේ තිබී සොරා ගත් භාණ්ඩ සහ සොරකම සඳහා යොදාගත් යතුරුපැදියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු තලංගම, උතුවන්කන්ද ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මොහු මීට පෙර කොට්ටාව, තලංගම සහ මහරගම යන ප්‍රදේශවල නිවාස සහ වෙළෙඳසැල් බිඳ ඒවායේ දේපළ කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයකට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින අයෙක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11