සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට ජනපතිගෙන් ආරාධනයක්

සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්, අපේ රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවත්, ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙස සියලුදෙනාට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ, මෙම දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දිනයේ දැනට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව විපක්ෂය නියෝජන කරන දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින් සහ නියෝජිතයන් දැනුවත් කිරීම සහ අදහස්, යෝජනා ලබා ගැනීම වෙනුවෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක් වෙමින්.

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව සියලු ජන කොටස් එක්කර ගනිමින් ‘ශ්‍රී ලාංකික දිනය’ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සියලු ජාතීන් එක්කර ගනිමින් ශ්‍රී ලංකා දින සැමරුම සංවිධානය කිරීම, මීට සහභාගී වූ සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර ඒ හා සම්බන්ධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මඟපෙන්වීම අනුව, රජය ක්‍රියාත්මක කර ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සහ රට තුළ ජාතික සහ ආගමික සමගිය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට කොන්දේසි විරහිතව තම සහාය ලබා දෙන බවද මෙහිදී එම නියෝජිතයෝ අවධාරණය කර තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකා දින ජාතික වැඩසටහනේ සංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, දේශපාලනික, ආගමික සහ සංස්කෘතික විවිධත්වයෙන් ඔබ්බට, පොදු වේදිකාවක සියලුදෙනාට එක්ව කටයුතු කළ හැකි පරිදි මෙම වැඩසටහන් සහ සැලසුම් නිර්මාණය කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සංවිධායක මණ්ඩලයට වැඩිදුරටත් උපදෙස් දුන්නා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිර , දමිළ ප්‍රගතිශීලි සන්ධානය (TPA) නියෝජනය කරමින් මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) නියෝජනය කරමින් රිෂාඩ් බදියුදීන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නියෝජනය කරමින් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින් කාදර් මස්තාන්, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) නියෝජනය කරමින් අමිර්තනාදන් අඩෛක්කලනාදන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) නියෝජනය කරමින් ඉලයතම්බි ශ්‍රීනාත්, කවින්දරන් කෝඩීස්වරන් සහ ටී. රවිහරන්, ස්වාධීන කණ්ඩායමේ රාමනාදන් අර්චුනා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙම අවස්ථාවට එක්ව සිටියා.

  1. ලංකාවේ සංහිදියාව යනු මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය සගවා පෝෂණය කීරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදී සිංහල හා ද්‍රවිඩ ජනතාව සංහාරය කර අන්තවාදී ත්‍රස්තවාදී මුස්ලිම්කරණට ලංකාව ලක් කරන තුරු සිංහල හා දමිල ජනතාව කටවසාගෙන උන්ට පාවාදීමය. මුස්ලිම් නොවන අන්‍ය ආගමික ජනතාව සංහාරය කීරීමට නියෝග දී ඇති “කුරාණය” ලංකාව තුල තහනම් කර නිතීයානුකල සංහිදියාව ස්ථාපිත කරනු !!!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12