සංස්කෘතිය ලොවට පෙන්වපු නුවරඑළියේ සංරුගල් සැණකෙළිය (ඡායාරූප)

ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කරන සරුංගල් ගුවන් සංදර්ශනයක් පසුගිය ඊයේ (18) සහ පෙරේදා (17) දිනයන්හි දී පැවැත්වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; Sri Lanka Heritage International Air Kite Show 24 මැයෙන් නුවරඑළිය මහ නගර සභාව මගින් මෙම ජාත්‍යන්තර සරුංගල් ගුවන් සංදර්ශනය ග්‍රෙගරි වැව සිව්වැනි අදියරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ බවයි.

‘යුද්ධයෙන් තොර ලොවක් සඳහා පෙළ ගැසෙමු’ යන තේමාව පෙරටුකොට ගනිමින් මෙම සරුංගල් ගුවන් සංදර්ශන වැඩසටහන සඳහා මාර්ගෝපදේශනය ලබා දී ඇත්තේ රාවණා ගුවන් සරුංගල් සංගමය විසින්.

සරුංගල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ලෙස සලකන යාපනය වැල්වැටි තුරේ ප්‍රදේශය හා දිවයිනේ නන් දෙසින් සරුංගල් ක්‍රීඩාවේ නියැලී සිටින ක්‍රීඩක ක්‍රිඩිකාවන් විශාල පිරිසක් සරුංගල් ගුවන් සංදර්ශනය සඳහා සහභාගි වූ බවත් වාර්තා වනවා.

පළමු දින සරුංගල් නිර්මාණය කිරීමේ වැඩසටහන සහ දෙවන දිනයේ සරුංගල් ගුවන්ගත කිරීමේ ගුවන් සංදර්ශනය පැවති අතර ජයග්‍රාහී ස්ථාන 10ක් තෝරා ගෙන එහි 10 වන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා මූල්‍ය ත්‍යාග ද; තෙවන ස්ථානයේ සිට ප්‍රථම ස්ථානය දක්වා රුපියල් ලක්ෂ දෙකක් වටිනා වූ මවුන්ටන් බයිසිකල් ද ත්‍යාග වශයෙන් ලබාදීමට මෙහිදී
කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.

IMG 20240819 092130
IMG 20240819 092345
IMG 20240819 092236


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37