සංශෝධිත පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පත එන සතියේ පාර්ලිමේන්තුවට

සංශෝධිත පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම පනත් කෙටුම්පත දැනටමත් ගැසට් කර ඇති බවයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයේ විරෝධතා නොමැති නම් මේ මස වන විට එය සම්මත කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඉන් අනතුරුව අපොස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් නොවන බවට සහතික වෙමින් පළාත් සභා මැතිවරණය අප්‍රේල් මාසයට පෙර පැවැත්වීමට රජය සැලසුම් කර තිබෙනවා.

භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම හේතුවෙන් 2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

ඒ, අනුව මැතිවරණයට අදාළ කැඳවා තිබූ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51