සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමේ දී ජනතාවගේ ප්‍රායෝගික අවශ්‍යතා සලකා බලන්න – අග්‍රාමාත්‍යවරියගෙන් උපදෙස්

සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමේ දී ජනතාවගේ ප්‍රායෝගික අවශ්‍යතා සලකා බලා සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රක්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (12) පැවති කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

2026 සහ 2027 වර්ෂ සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට යොමු වූ අතර, මෙම වැඩසටහන මගින් ග්‍රාමීය මාර්ග සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ යටිතල පහසුකම් නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වුණා.

විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 195 කට වැඩි ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව දැනටමත් ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ව්‍යාපෘති 240ක් ලැබී ඇති අතර, රුපියල් මිලියන 127ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 126ක් සඳහා අනුමැතිය ලබාගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එහිදී අනතුරුදායක ස්ථානවල ආරක්ෂිත වැටවල් සහ සංඥා පුවරු සවිකිරීමට ප්‍රමුඛතාවය හිමිවනවා.

මීට අමතරව, 2027 වර්ෂය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය පාලම් ඉදිකිරීමට රුපියල් මිලියන 100ක් සහ කිලෝමීටර් 50ක මාර්ග සංවර්ධනය කිරීමට ද සැලසුම් සකස් කර ඇති බව නිලධාරීන් පෙන්වා දුන්නා.

දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” වැඩසටහන සඳහා රුපියල් මිලියන 1036ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ව්‍යාපෘති සියල්ල 2026 නොවැම්බර් 30 වන විට අවසන් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33