සංවර්ධන කටයුතු සඳහා ද.කොරියාවේ අඛණ්ඩ සහයට කතානායකගේ ස්තූතිය

ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ (දකුණු කොරියාව) තානාපතිනි මියන් ලී (Miyon Lee) පාර්ලිමේන්තුවේ දී පසුගියදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවුණා.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ද එක්ව සිටියා.

මෙම හමුවේදී කථානායකවරයා ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කළ අතර, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී මෙන්ම රටේ සංවර්ධන කටයුතු සඳහා කොරියාව අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළා.

එමෙන්ම කොරියානු ජනරජය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා පවතින රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන බව ද කථානායකවරයා අවධාරණය කළා.

තවද, දූෂණය තුරන් කිරීම, විනිවිදභාවය හා යහපාලනය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව කථානායකවරයා තානාපතිනිය දැනුවත් කළා.

ජාතික සංහිඳියාව ඉදිරියට ගෙන යාම, සාමකාමී හා ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ගෙන ඇති පියවර ද කථානායකවරයා මෙහිදී පැහැදිලි කළ අතර, සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද සඳහන් කරමින් කොරියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා බලන ලෙස ආරාධනා කළා.

විවිධ ක්ෂේත්‍රයන්හි දැනුම හා අත්දැකීම් හුවමාරු කරගනිමින් ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබාදීමට කොරියානු ජනරජය සූදානමින් සිටින බව මෙහිදී අදහස් දක්වමින් තානාපතිවරිය පැවසුවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩසටහන් සඳහා ද සහයෝගය ලබාදීමට තම රට කැමැත්තෙන් පසුවන බව ද ඇය සඳහන් කළා.

ලබන වසරේදී ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 50ක් සපිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, එම සුවිශේෂී සංවත්සරය දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මහඟු අවස්ථාවක් වනු ඇතැයි තානාපතිනිය සඳහන් කළාය. එම සංවත්සරය නිමිත්තෙන් දෙරටේ පාර්ලිමේන්තු අතර හුවමාරු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම හමුව අවසානයේදී දෙරටේ දේශපාලනික හා සංස්කෘතික පසුබිම් සම්බන්ධයෙන් ද සුහද අදහස් හුවමාරුවක් සිදු වූ අතර, ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර
ගැනීම සඳහා දෙපාර්ශ්වයේම කැපවීම එහිදී යළි තහවුරු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52