සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්න – ජනපති

අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට විශාල හානියක් සිදුවන බැවින්, එය වැළැක්වීම සඳහා ගත හැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එම කටයුතු සොයා බැලීම වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත් කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ පරිසර අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්, තිරසාර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක්” යන තේමාව යටතේ පරිසර අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 19,719ක අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 සැලසුම් පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බැලුනා.

ඒ අනුව, පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා වුණා.

ඔලුවිල් වෙරළ තීරයේ ඛාදනය වැළැක්වීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග විමසා බැලීමට ඒ පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කර, වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දුන්නා.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයා විශේෂයෙන් විමසා බැලූ අතර, මන්දගාමීව සිදු කෙරෙන එම ව්‍යාපෘති මිනිස් ජීවිතවලට තර්ජනයක් බවත්, අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබියදී ව්‍යාපෘති ප්‍රමාදවීම අනුමත කළ නොහැකි බවත්, ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එබැවින් ග්‍රාමීය ජන ජීවිතය පිළිබඳ සංවේදී වෙමින් මෙම ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම වසරේ ලබා දී ඇති ප්‍රතිපාදන මෙම වසර තුළම වැය කරමින් අදාළ ඉදිකිරීම් සිදු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

එමෙන්ම අලි වැට සීමාව සහ ප්‍රමාණය තීරණය කළ යුත්තේ වනජීවි කලාප ලකුණු කිරීම වෙනුවෙන් නොව, ජන ජීවිතය ආරක්ෂා කිරීමට බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජල මූලාශ්‍ර සංරක්ෂණ ව්‍යාපෘති, පිරිසිදු වෙරළ තීරයක් ව්‍යෘපෘතිය, වෙරළබඩ විනෝද උද්‍යාන ඇති කිරීමේ ව්‍යාපෘතිය, සිංහරාජය සහ කන්නෙලිය වනාන්තර සඳහා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් ඇති කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට ගැනුණා.

ශ්‍රී ලංකාව සඳහා ගුණාත්මක කාබන් විමෝචන ප්‍රතිපත්තියක් සකස් කිරීමට පරිසර අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටින බවත්, එමඟින් ආයෝජන අවස්ථා පුළුල් කරගත හැකි බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි විසින් සඳහන් කර සිටියා.

විදේශ ණය අධාර යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති ලබා ගැනීම සැලසුම් සහගතව සිදු නොවීම හේතුවෙන් එකම කාර්යය සඳහා විවිධ අමාත්‍යාංශ යටතේ ප්‍රතිපාදන වෙන් කෙරෙන බවත්, එබැවින් ඉදිරියේදී ලබා ගන්නා විදේශ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ස්ථාවර කමිටුවක් පත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මෙහිදී සඳහන් කළා.

වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් නිවාඩු නිකේතන වැඩිදියුණු කර, නවීන සහ උසස් තාක්ෂණයෙන් යුතුව ජනතාවට ලබාදීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරනු ලැබුවා.

තවද, මල් වගාව කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීම සහ ජෛව විවිධත්වය රැකගැනීම වෙනුවෙන් ජාතික උද්භිද උද්‍යාන සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39