සංජනා සහ චමෝදි ලංකාවට ජය දොරටු විවර කරයි

ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අතර තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත් වුණා.

තරගය අද (20) දඹුල්ල ජ්‍යාත්යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වුණා.

කාසියේ වාසිය දිනාගනු ලැබූ ඕස්ට්‍රේලියානු නායිකාව විසින් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 133ක් රැස්කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි සංජනා කාවින්දි විසින් පන්දු 46ක් තුළ ලකුණු 62ක් රැස් කර ගැනීමට සමත් වූ අතර තුන්වන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි මනුදී නානායක්කාර නොදැවී ලකුනු 28ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට මනා පාලනයකින් යුතුව පන්දු යැවූ චමෝදි ප්‍රබෝධා ප්‍රමුඛ පන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 20 තුළ රැස් කරගැනීමට හැකි වූයේ මුළු ලකුණු 108ක් පමණයි.

දඟ පන්දුවේ උපරීම ඵලනෙලා ගත් චමෝදි ප්‍රබෝධා ලකුණු 15කට කඩුලු 03ක් සහ අසෙනි තලගුනේ විසින් ලකුණු 25කට කඩුලු 03ක් බිඳ හෙලුවා.

ලකුණු 25 ජයග්‍රහණයක් සඳහා කණ්ඩායම රැගෙන ගිය සංජනා කාවින්දි තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44