spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංචාරක නිකේතනයක පිහිනුම් තටාකයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

කතරගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක පිහිටි පිහිනුම් තටාකයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (09) දහවල් සිදුව ඇති මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු දෙකක දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති දරුවා සංචාරක නිකේතනයේ හිමිකරුගේ දරුවා බවටයි දැනගන්නට ලැබුණේ.

මෙම දරුවා අද දහවල් සංචාරක නිකේතනයේ මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර, ටික වේලාවක් ගිය පසු දරුවා පෙනෙන්නට නොසිටීම නිසා ඒ පිළිබඳව මව්පියන් විසින් සොයාබලා තිබෙනවා.

එහිදී දරුවා පිහිනුම් තටාකයට වැටී සිටිය දී සොයාගෙන ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ මෙය මව්පියන්ගේ නොසැලකිළිමත් කමින් සිදු වූ අපරාධයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?