සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල කරන අබලන් මාර්ගය (ඡායාරූප)

වෙන්නප්පුව – වෛක්කාල මුහුදු තීරයේ ඇති තරු පන්ති හෝටල්වලට ගමන් කළ හැකි එකම මාර්ගය කාලයක සිට ගිං ඔයට සේදී යාමට පටන් ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් කිසිවෙකු ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නොමැති බවයි.

වෛක්කාල මුහුදු තීරයේ ඇති හෝටල් වෙත ගමන් කළ හැකි එකම මාර්ගය “බෝලවත්ත – කම්මල” මාර්ගය වනවා.

මෙම මාර්ගය අවසානයේ මුහුදු වෙරළ සමීපයේ තරු පන්ති හෝටල් කිහිපයක් ම පිහිටා තිබීම සංචාරක කර්මාන්තය වශයෙන් මෙහි වැදගත්කමක් උසුලනවා.

එම මාර්ගයේ කොටසක් දිව යන්නේ “ගිංඔයට” මායිම් ව වන අතර ගිංඔයේ ඉවුර කාලයක සිට සේදී යන්නට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳ ව වගකිව යුතු අංශ අවස්ථා කිහිපයක දී ම දැනුවත් කර ඇති නමුත් පලක් නොවූ බව හෝටල් සේවකයින් මෙන් ම
ප්‍රදේශවාසීන් ද පවසනවා.

මාර්ගය ගිංඔයට සේදී යාම පාලනය කිරීම සඳහා හෝටල් සේවකයින් සහ ප්‍රදේශවාසීන් විසින් තාවකාලික විසඳුම් මේ වනවිට ගෙන ඇති නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වෙමින් මාර්ගයේ විශාල කොටසක් පුපුරා ගොස් ඒවා ගිං ඔයට කඩා වැටීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මාර්ගයේ ඇති හෝටල්වලට දෙස් විදෙස් සංචාරකයින් රැගත් සැහැල්ලු වාහන මෙන් ම විශාල ප්‍රමාණයේ සුඛෝපභෝගී බස් රථ ද පැමිණෙන බව හෝටල් සේවකයින් සඳහන් කරන අතර, කුමන අවස්ථාවක දී හෝ විශාල අනතුරක් සිදුවීමේ ඉඩකඩක් ඇති බවට ද ඔවුන් පවසනවා.

මෙවන් තත්ත්වයක් මත සංචාරක කර්මාන්තයට පිටුවහලක් සපයන මෙම මාර්ගය පිළිසකර කිරීමට වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසටයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

06
04
01
05
03


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48