සංචාරක අංශය සහ අධ්‍යාපනය අතර සමීප සහයෝගීතාවයක් අවශ්‍යයි – අගමැතිනිය

හවුල්කාරිත්වය සහ සහයෝගීතාවය තුළින් සියල්ල ඇතුළත්, ගෝලීය වශයෙන් තරඟකාරී තිරසර සංචාරක කර්මාන්තයක් ගොඩනගා ගත හැකි වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ දී 13 වන වරටත් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ප්‍රදර්ශනය වන සංචාරක උදාව (Sancharaka Udawa) 2026 අමතමින් අද (15) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සහයෝගීතාවයෙන්, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) විසින් සංවිධාන කරන ලද මෙම ප්‍රදර්ශනය 2026 මැයි 15 සහ 16 යන දිනවල කොළඹ BMICH හිදී පවත්වනවා.

මෙවර සංචාරක ප්‍රදර්ශනයට ව්‍යවසායකයින් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර ප්‍රදර්ශන කුටි 300 කින් සමන්විතයි.

විදේශීය නියෝජිතයන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් 15 සහ 16 දෙදින පුරා ව්‍යාපාරික හමු (B2B), සාකච්ඡා සහ වැඩමුළු පැවැත්වීමට ද නියමිතයි.

මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රථම වතාවට විදේශීය ගැනුම්කරුවන්ට (Foreign Hosted Buyers) ඇරයුම් කර තිබීම ද විශේෂත්වයක්.

එමඟින් දේශීය සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සෘජුව සම්බන්ධ වීමට පෙරනොවූ විරූ අවස්ථා උදාවනවා.

සංචාරක උදාව 2026 ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ජනතාව සඳහා නිල වශයෙන් විවෘත කළා.

අනතරුව උත්සව අවස්ථාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

”රජයේ දැක්ම තිරසාර, සියල්ල ඇතුළත් සහ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීමයි, වර්තමානයේ මුහුණ දීමට සිදු ව ඇති පාරිසරික, දේශපාලනික, ආර්ථික සහ ගෝලීය අභියෝග හමුවේ වුවද සංචාරක කර්මාන්තය ඊට අනුගත වෙමින් කටයුතු කිරීම ඉතා වැදගත්. ගෝලීය සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සහ සංචාරක ගමනාන්තයක් ලෙස රටේ ජාත්‍යන්තර වෙළඳ නාමය ශක්තිමත් කිරීම ඉතාම වැදගත්” යැයි සඳහන් කළා.

මෙම අංශය තුළ මානව ප්‍රාග්ධනය සංවර්ධනය සහ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් තරුණ තරුණියන්ගේ අනාගත රැකියා අවස්ථා පුළුල් කිරීමේ කාර්යභාරය අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා.

ඒ තුළින් තරුණ තරුණියනට සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රයන්ට නිරාවරණය වීමට අවස්ථාව ලබා දිය යුතු බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළ අතර ඒ සඳහා සංචාරක අංශය සහ අධ්‍යාපනය අතර සමීප සහයෝගීතාවයක් ගොඩ නගා ගතයුතු බව පෙන්වා දෙනු ලැබුවා.

දේශීය සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම තුළින් සමස්ත සංචාරක අත්දැකීම් වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා.

සංචාරක අංශයේ අනාගතය ශක්තිමත්ව ගොඩ නැගීම සහ තිරසාර ප්‍රගතියක් අත්කර සඳහා රජය සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරිත්වය සහ සහයෝගීතාවය ගොඩ නගා ගැනීම අත්‍යවශ්‍ය වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ , කම්කරු අමාත්‍යතුමා සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නලීන් ජයසුන්දර ඇතුළු දේශීය විදේශීය නියෝජිතයන්, ව්‍යවාසයකයින්, ප්‍රදර්ශනකරුවන් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20