spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දුම්රියේ ගැටී අනතුරක් (ඡායාරූප)

වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය කළ බස් රථයක් දුම්රියේ ගැටීමෙන් අද (29) අලුයම් කාලයේ අනතුරක් සිදුව තිබෙනවා.

සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වුණේ.

බස් රථය අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන දුම්රියේ ගැටී මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.

චෙක් ජනරජය බලා පිටත්වීමට නියමිතව සිටි සංචාරකයින් පිරිසක් බස් රථයෙන් කටුනායක ගුවන් තොටුපළ දක්වා ගමන් කරන අතර තුර මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් බස් බස් රථයේ ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

දුම්රියේ රියදුරු ද ඇසට සිදු වූ සුළු තුවාල හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

VideoCapture 20231129 060219
VideoCapture 20231129 060309
WhatsApp Image 2023 11 29 at 9.20.57 AM
WhatsApp Image 2023 11 29 at 9.20.56 AM 2
WhatsApp Image 2023 11 29 at 9.20.56 AM 1
WhatsApp Image 2023 11 29 at 9.20.56 AM
WhatsApp Image 2023 11 29 at 9.20.55 AM
WhatsApp Image 2023 11 29 at 9.20.54 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
9
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?