spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

පසුගිය අගෝස්තු 31 වනදා වන විට මෙම වසරේ මේ දක්වා මෙරටට සංචාරකයන් 496,430 දෙනෙක් පැමිණ ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

එය පසුගිය වසරට සාපේක්‍ෂව යම් ප්‍රගතියක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම සංචාරකයන්ගෙන් රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 893ක ආදායමක් ලැබී ඇති බවයි.

2018 දී මෙරටට සංචාරකයින්ගේ පැමිණීම 2,333,769ක් වන අතර ඔවුන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3,925ක ආදායමක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.

2019 වර්ෂය තුළ දී සංචාරකයන් 1,913,702ක් පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් ඩොලර් මිලියන 4,381ක ආදායමක් උපයා ඇති බව සඳහන්.

එමෙන්ම 2020 වසරේ දී සංචාරක පැමිණීම 570,704ක් වන අතර ආදායම ඩොලර් මිලියන 3,607ක් වනවා.

මේ අතර 2021 වර්ෂය තුළ දී සංචාරකයන් 194,495ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් ලද ආදායම ඩොලර් මිලියන 682ක් දක්වාත් පහළ යාමක් පෙන්නුම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?