සංචරණ සීමා ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් – විශේෂඥ වෛද්‍යවරු

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්තවීමත් සමග මෙරට රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවන බවත් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයක් යටතේ සංචරණ සීමා වැනි කරුණු ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්” වැනි බවය.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනයවීම ඉතා දැඩි අනතුරුදායක තත්ත්වයක් බවද ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව තීරණ ගැනීමේදී බලධාරීන් හට මෙම සත්‍ය තත්ත්වය පැහැදිලි කරදීමට අවශ්‍ය තොරතුරු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විසින් සැඟවීම සහ ඔවුන්ගේ ඇල්මැරුණු ස්වභාවය ගැන සිය සංගමය දැඩි ලෙස කනගාටු වන බවද පෙන්වා දී තිබේ.

ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් වර්ධනය වුවහොත් තවදින කිහිපයකින් අපගේ ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවය ද ඉක්මවා යන හෙයින් එම තත්ත්වය මරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවීමටද හේතුවක් වනුඇති බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීම කළයුතුව තිබුණේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල තුළින් බලාපොරොත්තු වන සංඛ්‍යානමය ඉලක්ක පසුරා ගැනීම මෙන්ම එයට සමාන්තරව දෛනික රෝගීන් ප්‍රමාණය අඩුවන තත්ත්වයක් පෙන්නුම් කරන විටදී බවද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව සියලු කාරණා අධ්‍යයනය කිරීමෙන් පසු දැනට පවතින තත්ත්වය ගැන නැවත සමාලෝචනයක් කර සෞඛ්‍යමය හා සංචරණ සීමා සංශෝධනයන් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04