සංචරණ සීමා පැනවීම ගැන රජය ගත් අලුත්ම තීරණය මෙන්න

දැනට පනවා ඇති දැඩි සංචරණ සීමා ජුනි මස 7 වනදා දක්වා ලිහිල් කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අද ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව මැයි 31 සහ ජුනි මස 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට පෙර ගෙනු තිබූ තීරණය අවලංගු වන බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.