සංචරණ සීමා තිබියදී බයික් රේස් ගිය තරුණයෙක් අවසන් ගමන් යයි

වාද්දුව පොතුපිටිය මංසන්ධියේදී යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 19 ක තරුණයෙකු ඊයේ සවස මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ, සංචරණ සීමා පනවා තිබියදීත් අදාළ යතුරු පැදිකරුවන් දෙදෙනා තරගයට යතුරු පැදි ධාවනය කර ඇති බවයි.

එහිදී වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් පොතුපිටිය මංසන්දියේදී යතුරු පැදි දෙක එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.