සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

කොවිඩ් රෝගීන් හමුවීම දෛනිකව වැඩිවීම හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා සංචරණ සීමා තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ. සංචරණ සීමා පැනවීම තුළින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති බවත්, දැනට පවතින තත්ත්වය තුළ රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

දැනට පනවා ඇති සංචරණ සීමා ලබන (14) සඳුදා අවසන් වීමට නියමිතය. සංචරණ සීමා පසුගිය මස 21 වැනි දින පනවනු ලැබුණි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීම සඳහා මාසයක කාලයක් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවිය යුතු බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය පරීක්ෂණය කර ලබන සිකුරාදා (11) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

  1. What nonsense is this?
    Do your job correct.
    You all are there to control and manage these.
    Who is going to feed people outside government salary earners?
    In this country, we have had this nonsense drama for the last 18 months.
    Who CARES THE PLIGHT OF GENERAL PUBLIC AND CHILDREN.
    WHAT ABOUT THE MENTAL HEALTH OF PEOPLE.
    THIS IS A CRIME COMMITING YOU ALL.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40