සංචරණ සීමා තවත් දීර්ඝ කරන්න – ජනපතිට ලිපියක්

කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදී ඇත්තේ මේ දක්වා ක්‍රි යාත්මක කළ සංචරණ සීමා හේතුවෙන් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරමින් ඇති බවය.

කෙසේවෙතත් සංචරණ සීමා කඩිනමින් ඉවත් කළහොත් ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යා හැකි බව ඔවුන් පෙන්වාදෙයි.

නිවසකින් පිටව යන පුද්ගලයින් අවම කරමින් සංචරණ සීමා ඉතා තදින් ක්‍රියාකළ යුතු අතර සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ විවෘතව ඇති ආයතන ආශ්‍රිතව පී.සී.ආර් පරීක්ෂණ ඉහළ නැංවිය යුතු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එමෙන්ම කොවිඩ් බහුල ව්‍යාප්තියක් සහිත රටවල හා මාරාන්තික, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවල සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා නොදිය යුතු බව ද ඔවුන් පෙන්වාදෙයි.

සමාජය තුළ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා අහඹු ලෙස සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය ලිපියෙන් පෙන්වාදෙයි.

මේ අතර රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා පනවා ඇති සංචරණ සීමා දැඩිව ක්‍රියාවට නැංවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

  1. මෙය ඉතා හොද දෙයක් සර් ගාලු පාරේ පුදුම වාහන තොගයක් එහාට මෙහාට යනවා මෙලෝ වැඩකට නැති මිනිහත් යනවා අවශ්‍ය මිනිහත් යනවා.දැඩිව මෙය ක්‍රියාත්මක කරන මෙන් ජනපතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.ඒ වාගේම සොයිසාපුර මහල් නිවාස ජනතාව සවස හය හත වන විට පිටකොටුවේ සුරූපයයි තියෙන්නේ මිනිස්සු ගනන් ගන්නේ නැ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23