සංචරණ සීමා ගැන තීන්දුව අවිනිශ්චිතයි – කරන දේ ගැන හමුදාපති කියයි

විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට ඔවුන් තහවුරු කළහොත් පමණක් ලබන 14 වැනිදා විවෘත රට කරන්නේ යැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

රට විවෘත කිරීමට පෙර කොවිඩ් ව්‍යාප්තිය ගැන පුළුල් විශ්ලේෂණයක් කළ යුතු වන බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ. 

දැනට පවතින නිර්දේශයන්ට අනුව සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදාය.

මේ අතර පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වාවත් දීර්ඝ කළ යුතු බව වෛද්‍ය විශේෂඥයන් රැසක් රජයට දැනටමත් කරුණු පෙන්වා දී ඇත.

වෛද්‍ය සංගම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවාවට සම්බන්ධ සංවිධාන ගණනාවක් කරන ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. 

මේ පිළිබඳ අවසන් තීරණය හෙට (10) ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරන්නේ සංචරණ සීමා පැනවීමෙ නිසි ප්‍රතිඵල දැක ගැනීමට නම් තවත් සති තුනක් හෝ හතරක් ගත වනු ඇති බවයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ දැනට පවතින සංචරණ සීමා කාල සීමාවේ වුවද ජනතාවගේ හැසිරීම ගැන සතුටු වීමට නොහැකි බවයි.

දැනට රෝගීන් වාර්තා වීම දෛනිකව 3000 පමණ වුවද රෝගීන් දස දහසක් පමණ සමාජයේ සිටිය හැකි බව එයින් පෙනී යන්නේ යැයි ද ඇය සඳහන් කළා.

රට වසා දැමීම ආර්ථික වශයෙන් බරපතළ හානි ගෙන දෙන බව සැබෑ නමුත් එහි නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් ජනතාව තම සහාය ලබාදීම ඉතාම අවශ්‍ය බවයි ඇය තවදුරටත් කියා සිටියේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කළා.

සෑම රෝගියෙකුගේ ම තවත් අය සමාජයේ

මේ අතර දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳව විශේෂ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසා සිටියේ, කොවිඩ් රෝගීන් ලෙස හඳුනාගන්නා සෑම රෝගියෙකුගේ ම පවුලේ නොවන පුද්ගලයින් කිහිපදෙනෙක් සමාජයේ සිටිය හැකි බවය.

“3,000ක් අපි කියන කොට 10,000ක් පමණ තව සමාජයේ ඉන්න පුළුවන්. ඒ අයගෙන් තව තව අධික ලෙස ව්‍යාප්ත වෙන්න පුළුවන්. හම්බවුණ රෝගියා ඉන්නේ ගෙදර ඒ අයගේ EXIT PCR කරනවා. නමුත් කර්මාන්ත ශාලාවක හරි ඔෆිස් එකක හිටපු හඳුනා නොගත් කෙනාට දහස් ගණනකට ව්‍යාප්ත කරන්න ඉඩ තියෙනවා.“ යැයි ඒ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ජූනි මාසයේ ගෙවුණු දින 07 තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 305 ක් තහවුරු කළා.

ඒ අතරින් රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් මියගිය බවට තහවුරු කළ මරණ ගණන 19ක්.

එමෙන්ම තවත් 65 දෙනෙකුම මියගොස් තිබුණේ සිය නිවෙස් තුළදීමය.

සෙසු මරණ 221 රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර සිදුවු කොවිඩ් මරණය.

කොවිඩ් නීති සැරයි

එම කොවිඩ් මරණ තවදුරටත් විශ්ලේෂණය කළහොත් ගෙවුණු සතියේ වාර්තා වූ කොවිඩ් මරණ 305 අතරින් 84 දෙනෙකුම මියගොස් ඇත්තේ නිවෙස් තුළදී හෝ රෝහල්ගත කරන අවස්ථාවේදීය.

එනම් එම සතියේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් සියයට 27.5 ක්ම සිදුව ඇත්තේ කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නොමැතිව කොවිඩ් වෛරසය ආසාදනයෙන් වීමෙන් බව පැහැදිලි වෙනවා.

සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් පිළිබඳව නව ක්‍රියාමාර්ග ගැනීම යටතේ අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ නොවී වාහනයක් පදවන්නේ නම් සහ ඔවුන් නිරෝධායන රීති උල්ලංඝනය කරන බවට අනාවරණය වන්නේ නම් නිරෝධායන කටයුතුවලට යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටීමට පොලීසිය බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ පිළිබඳව  දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී තිබෙනවා. ඊට අමතරව එම පිරිස් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීමටද පියවර ද ගනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03