රටේ ආදායම නැති වුවහොත් ණය ගෙවීම කළ නොහැකි – ඇමති අජිත් නිවාඩ් කබ්රාල් රට අගුලු දැමීම කෙටිකර ගැනීමට සියලු දෙනා එකාවන්ව කටයුතු කළ යුතු යැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
රටේ ජනතාවගේ ජීවිත මෙන්ම ජනතාවගේ ජීවනෝපායද රජයකට එකසේ වැදගත් බව හෙතෙම සඳහන් කළේය.
අඟුලු දැමීම කෙටිකර නොගතහොත් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකිවනු ඇතැයි පැවසූ මුදල් රාජ්‍ය ඇමතිවරයා සාර්ව ආර්ථික සාධකවලට මෙන්ම පුද්ගලයන්ගේ ජන ජීවිතවලටද රට අගුළු දැමීමෙන් වන පාඩුව සුළුපටු නැතැයි සඳහන් කළේය.
රටේ ආදායම නැති වුවහොත් ණය ගෙවීම කළ නොහැකි වනු ඇතැයිද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.
පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය උපයෝගී කරගෙන සමහරුන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ දැරීම හෙළා දකින බව මුදල් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.
ඔහු මෙසේ පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන එලඹෙන 24 සහ 25 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ තොග වෙළෙඳාම් සඳහා පමණක් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනු ඇති බවය.














අපි ණය ගත්තා වගේනේ කතාව.. පලයන් යන්න .
මචන් ගොබ්බ කතා කියන්න එපා බන්..රට ණය ගත්තේ නැත්නම් උබ තාම යන්නේ අර එදා ගිය වැලි පාරේ තමා ..
නය ගන්නම ඕනද පකෝ පාරවල් හදන්න
Polis ඇඳිරිනීතිය danna one me dawastikata nattham merenda thamai wenne
එතකොට සිල්ලර වෙළදාම කරන්නෙ පස්සෙ දොරෙන්ද ? මේකනම් පිස්සුම ආණ්ඩුවක් .
Api thama weradi amthimata magul dasapalanayak ne me
mun kariyo ratawalwalin higakanawa maiyala mallila