සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව කටයුතු කළ ආකාරය ගැන මහජනයාට විශේෂ දැනුම් දීමක්

හෙට (21) උදෑසන 4ට අනුව සංචරණ සීමා ඉවත් කෙරුණ ද සෞඛ්‍ය නිර්දේශ තවදුරටත් බලාත්මක වන බව පොලිසිය පවසනවා.

කාර්යාල සඳහා සේවය සඳහා අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට පියවර ගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු අතර මගීන් මුව ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වනවා.

එමෙන්ම නිරෝධායන නීතිවලට අදාළ අනෙක් නියෝග ද පිළිපැදීමට කටයුතු කළ යුතු වනවා.

පළාත් අතර සංචරණ සීමා තවදුරටත් තහනම් වන අතර පළාත් හරහා ගමන් කළ හැකි වන්නේ සුවිශේෂී කරුණක් සඳහා පමණයි.

විශේෂ චාරිකා, විනෝද චාරිකා හෝ වන්දනා ගමන් වලට තවදුරටත් අවස්ථාව හිමිවන්නේ නැහැ.

කිසියම් ආකාරයකින් පොදු ස්ථානයක සමූහයක් ලෙසට ගැවසීම, සාද හෝ ප්‍රිය සම්භාෂණ ද සපුරා තහනම් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන නිර්දේශවලට අනුගතව ජනතාව තවදුරටත් කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කළා.

සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් හෝ අනෙක් ආයතනවල සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාව පිළිබඳ අදාළ ආයතන බලධාරීන් විශේෂ අවදානයක් යොමු කළ යුතු අතර අදාළ ඉඩ ප්‍රමාණයට සරිලන පරිදි පමණක් පාරිභෝගිකයන් ඇතුලු කර ගත යුතු වනවා.

ඉතිරි පිරිස එම ආයතනයෙන් පිටත රැඳවිය යුතුයි.

පාරිභෝගිකයන් ඇතුළුවන ස්ථාවල අත් පිරිසිදු කිරීමට පහසුකම් සලසා තිබිය යුතු අතර උෂ්ණත්වය මැන බැලීමට ද කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59