සංචරණ සීමා අස්සේ, කොළඹ එන්න බලාගෙන සිටින අයට දැනුම්දීමක්

සංචරණ සීමා බල පැවැත්වෙන කාලසීමාව තුළදී කොළඹ නගරයට ඇතුළු වන වන සඳහා මෙතෙක් ලබා දුන් එක් දිනකට පමණක් සීමා වන ස්ටිකර් ක්‍රමය වෙනුවට හෙට සිට නව ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව කොළඹ නගරයට ඇතුළු වන ස්ථානවල දී තමන්ගේ සියලු විස්තර ලබා දීමෙන් අනතුරුව දිනපතා කොළඹ නගරයට ඇතුළු වන වාහන සඳහා මෙම නව ස්ටිකර්ය අලවනු ඇති.

එම ස්ටිකරය සංචරණ සීමා බලපැවැත්වෙන සියළු කාලයන්ට අදාල අතර  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටින්නේ මෙම නව ක්‍රමය තුළින් කොළඹ නගරයට ඇතුළු වන වාහන මුහුණදෙන ප්‍රමාද වීමේ ගැටළුවට විසඳුම් ලැබෙන ඇති බවයි.

එමෙන්ම මෙම නව ස්ටිකර් ක්‍රමය අව භාවිතා නොකරන ලෙසට ද ඔහු ඉල්ලීමක් කරනවා.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේ ඊයේ දිනයේ කොළඹට ඇතුලු වූ වාහනවල අඩුවක් දක්නට ලැබෙන බවයි.

එය සෙනසුරාදා දිනයක් වීම ඊට හේතුව වන්නට ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.

ඊයේ උදෑසන 6.30ත්  9.30ත් අතර කාලය තුල සිදුකළ සමීක්ෂණයට අනුව කොළඹට ඇතුලුවී ඇති වාහන සංඛ්‍යාව 42473ක් පමණයි.

සාමාන්‍යයෙන් සතියේ දිනක එම සංඛ්‍යාව 60000ත් 70000ත් අතර සංඛ්‍යාවක් වනවා.

සංචරණ නීති ක්‍රියාත්මක වන සාමාන්‍ය දිනකට වඩා ඊයේ දිනයේ කොළඹට වාහන ඇතුලුවීමේ සියයට 25ක අඩුවක් දක්නට ලැබුනා.

ඊයේ කොළඹට ඇතුලුවූ වාහනවලින් වැඩිම සංඛ්‍යාවක් මූල්‍ය ආයතනවලට අයත් වන අතර එම සංඛ්‍යාව 9861ක්.

එය සමස්ත ප්‍රමාණයෙන් සියයට 23ක්. කිසිදු හේතුවක් නොමැතිව කොළඹට ඇතුලුවීමට උත්සාහ කළ වාහන 931ක් ආපසු හරවා යවා තිබෙනවා.

එමෙන්ම තදබල ලෙසට නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝණය කළ වාහන සහ එහි ගමන් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03