සංචරණ සීමා අස්සේ කැස්බෑවේ ඊයේ මහ රෑ පැවැත්වූ සුපිරි සාදය මෙන්න

සංචරණ සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ දිනයේ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.මේ අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ ඊයේ රාත්‍රි පැවැත්වූ උපන් දින සාදයක් වැටලූ පොලිසිය කාන්තාවන් 5 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංචරණ සීමා පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන රථ වාහන පරීක්ෂාව අදත් සිදුකෙරුණා.

මේ අතර, සංචරණ සීමා සහ නිරෝධායන නීති කඩ කරමින් කැස්බෑව හල්පිට ප්‍රදේශයේ හෝටලයක පවත්වමින් තිබූ උපන් දින සාදයක් ඊයේ රාත්‍රියේ කැස්බෑව පොලිසිය විසින් වටලනු ලැබුවා.

එහිදී කාන්තාවන් 5 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 4000ක දඩ නියම කර එම පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

දිවයින පුරා පිහිටි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ඉදිරියේදී තවත් දින දෙකක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ඒ අනුව ජූනි 12 සහ 13 වන දිනවල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබෙන බවයි.

කෙසේ වෙතත් පෑලියගොඩ මැනිං වෙළෙදපොළහි එළවළු මිල ඉතා ඉහල බැවින් වෙළෛදුන් එළවළු මිලදී ගැනීම අවම වී ඇති බව මැනිං පොදු වෙළෙද සමිතිය සඳහන් කළා.පැළියගොඩ මාළු වෙළෙදපොල අදත් විවෘතව පැවතියද පාරිභාගිකයින් පැමිණීමේ අඩුවක් පවතින බවට වෙළෙදුන් මැසිවිලි නගනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03