සංචරණ සීමාවල ප‍්‍රතිඵල 14 වැනිදා

වෙසක් පුන් පොහෝදා රතන සූත්‍රය සහිත පිරිත් සජ්ජායානා මැද අපහසුතා සහිත කොවිඩ් රෝගීන් වෙනුවෙන් ගම්පහ රෝහලේ ස්ථාපිත කර ඇති Respiratory High Dependency Unit (HDU) ඒකකය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් විවෘත විය.

උතුම් දිනයක මෙවැනි සද්කාර්යයකට දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබදව සතුටට පත්වනවා සේම මේ සදහා දායකත්වය ලබාදුන් සියලුම දානපතියන්ට සිය ස්තූතිය පුදකරන බව සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය ගම්පහ දිස්ත්‍රික්කයේ හදවත බදු ගම්පහ රෝහල තුලින් සිදුකරනු ලබන සේවය ඇගයීමකටද ලක්කලාය. ගම්පහ රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුලු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීම මත කඩිනමින් මෙහි කටයුතු ආරම්භ කිරීමට හැකිවීම පිළිබදව සිය ස්තුතිය පළකල අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කර සිටියේ මේ දිනවල රජය විසින් පනවා ඇති දැඩි සංචරණ සීමාවල සාධනීය ප්‍රතිඵල ජුනි මස 14 වනදා වනවිට දැකීමට අපේක්ෂා කරන බවත් එහි නියම ප්‍රයෝජනය ලබාගැනීමට නම් සෞඛ්‍ය අංශවල උපදෙස් නියමාකාරයෙන් පිළිපදිමින්  ජනතාවගේ පූර්ණ සහයෝගය ඒ සදහා ලැබිය යුතු බවයි.

රාජ්‍ය හා පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ස්ථාපිත කෙරුණු මෙම ඒකකය ඇදන් 15ක ධාරිතාවයකින් යුක්ත අතර ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඒ සදහා අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාව සහ ඇදන් 05ක් ඇතුළු උපකරණ පරිත්‍යාග කර ඇති අතර නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. රාජ්‍ය අමාත්‍යතුමියගේ මැදිහත්වීමෙන් මෙහි ශීතදාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය 24000BTU AC යන්ත්‍ර 05ක් සිංගර් ආයතනය විසින් ලබාදී ඇති අතර සෙසු වෛද්‍ය උපකරණ සහ අවශ්‍යතා සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධීකරණයෙන් ලබාදීමට හැකිවී ඇත. අසාද්‍ය කොවිඩ් රෝගීන් වෙනුවෙන් ගම්පහ රෝහලේ ආරම්භ කෙරුණු මෙම HDU ඒකකය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු පිළිබදව රාජ්‍ය අමාත්‍යතුමියද පුද්ගලිකව සොයා බැලුවාය.

මෙම අවස්ථාවට වැඩමවා වදාළ එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක, පහළගම යටවත්ත රාජමහා විහාරයේ විහාරාධිපති ශ්‍රී දේවානන්ද සද්ධර්ම කීර්ති පහළගම ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ සදහන් කර සිටියේ වසංගත රෝග පිළිබදව හොද දැනුමක් සහිත විශේෂඥ වෛද්‍යවරියක් හැටියට සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය මේවන විට විශාල කාර්ය භාර්යක් සිදුකරන බව පෙනෙන්නට තිබෙන බවත් අද වැනි උතුම් දිනෙක මෙවැනි කාර්යකට සම්බන්ධවීම අගය කළ යුතු අතරම ගිලනුන්ට උපස්ථාන කිරීම ඉතා උතුම් ක්‍රියාවක් ලෙස සිහිපත් කළ යුතු බවයි. එමෙන්ම මෙවැනි කටයුතු සිදුකිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ඇයට ලැබේවා කියා ආශිර්වාද කරන බවද උන්වහන්සේ මෙහිදී සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන්, HDU ඒකකය භාර විශේෂඥ වෛද්‍ය බෝධික සමරසිංහ, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අනුර මුණසිංහ, විශේෂඥ වෛද්‍ය සමන් කුලරත්න, විශේෂඥ වෛද්‍ය ශ්‍රීධරන් යන වෛද්‍ය විශේෂඥයින් සමග රමාල් සිරිවර්ධන, තිලක් හතුරුසිංහ යන මහත්වරු එක්විය.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39