සංගීත ප්‍රසංග මාලාවකට ආ ප්‍රවීණ සංගීතඥ ඉලයරාජාගේ දියණිය ලංකාවේදී ජීවිතක්ෂයට

ශ්‍රී ලංකාවේ සංගීත සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය ජනප්‍රිය සංගීතඥ ඉලයරාජා (Maestro Iiayaraja) මහතාගේ දියණිය මෙරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉලයරාජාගේ දියණිය වන ගායිකා භවධාරිනී (Bhavatharini) පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි.

පසුගිය මාස 5ක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි භවධාරිනී ශ්‍රී ලංකාවේ ආයුර්වේද ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.

ඉලයරාජා විසින් රචනා කරන ලද භාරතී හි Mailpola Ponnu Onnu ගීතය සඳහා ඇය හොඳම කාන්තා පසුබිම් ගායිකාව ලෙස ඇය ජාතික සම්මානය දිනා ගෙන තිබෙනවා.

රමන් අත්තුල්ලා චිත්‍රපටයේ ‘එන් විද්‍යා සන්නාල්’ ගීතය සහ ‘තමිරභරණී’ චිත්‍රපටයේ ‘තලියේ තක ඇලයි’ වැනි ගීත බවධාරිනී ගායනා කළ ගීතවලට අයත්.

මිය යන විට භවධරණීගේ වයස අවුරුදු 47ක්. ඇය චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක ගීත රැසක් ගායනා කර ප්‍රසිද්ධියක් උසුලනවා.

ඉලයරාජාගේ දියණිය භවධරණී අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ වියෝව සිනමා ක්ෂේත්‍රයේ දැඩි කම්පනයකට ලක්ව තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි ගායිකාව ආයුර්වේද ප්‍රතිකාර සඳහා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම ආයුර්වේද ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව එම වාර්තාවල සඳහන්.

ඉලයරාජා මහතාගේ දියණියගේ දේහය හෙට සවස චෙන්නායි වෙත රැගෙන යාමට නියමිතයි.

ඉලයරාජාගේ දියණිය පසුබිම් ගායිකාවක්, සංගීත නිර්මාපකයෙක් ද වනවා. ඇය වැඩි වශයෙන් ගායනා කළේ පියා සහ සහෝදරයන් විසින් රචනා කරන ලද චිත්‍රපටවල පමණයි.

ඇය ප්‍රථම වරට දායක වූයේ රාසයියා චිත්‍රපටයේ පසුබිම් ගායිකාවක් ලෙසයි. ගීතය විශාල ජනප්‍රියත්වයට පත් වූ පසු ඇය තම පියා සහ සහෝදරයන් විසින් නිර්මාණය කරන ලද ගීත දිගටම ගායනා කිරීමේ නිරත වුණා.

නිළි රේවතී විසින් අධ්‍යක්ෂණය කරන ලද මිත්‍ර මගේ මිතුරා චිත්‍රපටයෙන් ඇය පළමු වරට සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස සිය ගමන ආරම්භ කළා. පසුව තෙළිඟු චිත්‍රපට ලෝකයට පිවිසියේ රේවතී විසින් අධ්‍යක්ෂණය කරන ලද ෆිර් මිලේංගේ සඳහා ද සංගීතය නිර්මාණය කරමින්.

ඇය විවාහ වී සිටින්නේ සබරිරාජ් සමඟයි. ඔහු වෙළඳ ප්‍රචාරණ ආයතනයක විධායක නිලධාරියෙක්.

ප්‍රවීණ සංගීතඥ ඉලයරාජා මහතාගේ ප්‍රසංගයක් අද කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර ,ලබන 27 සහ 28 දිනවල සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සංගීත ප්‍රසංග දෙකක් පැවැත්වීමට ද නියමිතව තිබුණා.

මෙම පිරිස ඊයේ (24) පස්වරු 05.25ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-128 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

1976 වසරේ සිට මේ දක්වා චිත්‍රපට 1,500කට පසුබිම් සංගීතය සපයා ඇති ඉලයරාජා මහතා දැනට සමස්ථ ඉන්දියාව පුරාම සහ ලෝකයේම අතිශය ජනාදරයට පත් වී සිටින ඒ.ආර්.රහුමාන් සංගීතඥයාගේ ගුරුවරයායි.

තමන් ශ්‍රී ලංකාවේ සහ සමස්ථ ලෝකය පුරාම විශේෂයෙන් ද්‍රවිඩ ජාතිකයන් හොඳින්ම දන්නා සංගීතඥයෙකු බවත් තමන් නිර්මාණය කළ ගීතයක් නොඇසූ ද්‍රවිඩ ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා නොමැති බවත් ඉලයරාජා මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කර තිබුණා.

ඔහු සමග මෙරටට ගායක ගායිකාවන් 07 දෙනෙකු සහ සංගීත ශිල්පීන් 27 දෙනෙකු ද පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
27
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06