spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංගීතයක්‌ නරඹා පැමිණි මව සහ පුතුන් තිදෙනා වස පානය කරලා

ගම්පොළ, මස්ගොල්ල, මොරහේන ප්‍රදේශයේ පදිංචි මවක් සහ දරුවන් තිදෙනෙක් වස පානය කිරීමෙන් පසු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත්කර තිබෙනවා.

පුපුරැස්ස පොලිසිය සඳහන් කළේ මෙලෙස වස පානය කර ඇත්තේ අවුරුදු 38ක කාන්තාවක් සහ ඇයගේ අවුරුදු 16,13 සහ 10 යන වයස්වල පසුවන පිරිමි දරිවන් තිදෙනෙක් බවයි.

ඊයේ (15) දින රාත්‍රියේ ගම්පොළ, පන්විලතැන්න ප්‍රදේශයේ පැවැති අවුරුදු සංගීත සංදර්ශනයක් නැරඹීමට මොවුන් තවත් පිරිසක් සමඟ ගොස් තිබෙනවා.

මොවුන් සංගීත සංදර්ශනය අවසන්ව අද (16) අලුයම නිවසට පැමිණ ඇති අතර, දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් මෙහිදී සැමියා සහ බිරිඳ අතර ආරවුලක් හටගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී කෝපයට පත් බිරිඳ අලුයම තුනට පමණ කෘමිනාශක වර්ගයක් පානය කිරීමෙන් පසු දරුවන් තිදෙනා ද එම කෘමිනාශක වර්ගය පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව උදෑසන හයට පමණ මේ සම්බන්ධයෙන් සැමියාට පවසා ඇති අතර, අනතුරුව ඔවුන් වහාම රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පළමුව පන්විලතැන්න රෝහලට ඇතුළත් කර ඇති මෙම මව සහ පුතුන් තිදෙනා පසුව ගම්පොළ ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

පුපුරැස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?