සංගීතයක්‌ නරඹා පැමිණි මව සහ පුතුන් තිදෙනා වස පානය කරලා

ගම්පොළ, මස්ගොල්ල, මොරහේන ප්‍රදේශයේ පදිංචි මවක් සහ දරුවන් තිදෙනෙක් වස පානය කිරීමෙන් පසු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත්කර තිබෙනවා.

පුපුරැස්ස පොලිසිය සඳහන් කළේ මෙලෙස වස පානය කර ඇත්තේ අවුරුදු 38ක කාන්තාවක් සහ ඇයගේ අවුරුදු 16,13 සහ 10 යන වයස්වල පසුවන පිරිමි දරිවන් තිදෙනෙක් බවයි.

ඊයේ (15) දින රාත්‍රියේ ගම්පොළ, පන්විලතැන්න ප්‍රදේශයේ පැවැති අවුරුදු සංගීත සංදර්ශනයක් නැරඹීමට මොවුන් තවත් පිරිසක් සමඟ ගොස් තිබෙනවා.

මොවුන් සංගීත සංදර්ශනය අවසන්ව අද (16) අලුයම නිවසට පැමිණ ඇති අතර, දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් මෙහිදී සැමියා සහ බිරිඳ අතර ආරවුලක් හටගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී කෝපයට පත් බිරිඳ අලුයම තුනට පමණ කෘමිනාශක වර්ගයක් පානය කිරීමෙන් පසු දරුවන් තිදෙනා ද එම කෘමිනාශක වර්ගය පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව උදෑසන හයට පමණ මේ සම්බන්ධයෙන් සැමියාට පවසා ඇති අතර, අනතුරුව ඔවුන් වහාම රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පළමුව පන්විලතැන්න රෝහලට ඇතුළත් කර ඇති මෙම මව සහ පුතුන් තිදෙනා පසුව ගම්පොළ ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

පුපුරැස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18