සංගා එංගලන්ත එක්දින සහ 20-20 කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු තනතුරට ?

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සුදු පන්දුවේ ප්‍රධාන පුහුණුකරු මැතිව් මොට් ලබන සතියේ එම තනතුරින් ඉවත්වන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් සඳහා නව ප්‍රධාන පුහුණුකරුවෙක් තෝරාගැනීමට එරට ක්‍රිකට් ආයතනයට සිදුව තිබෙනවා.

මේ අතර එම තනතුර සඳහා ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ද ඉල්ලුම්කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

සංගක්කාරට අමතරව ඕස්ට්‍රේලියානු හිටපු පිතිකරු මයිකල් හසී සහ ඇෆ්ගනිස්තාන ප්‍රධාන පුහුණුකරු මෙන්ම එංගලන්ත හිටපු පිතිකරු ජොනතන් ට්‍රොට් ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින බව වාර්තා වන්නේ.

මේ අතර බ්‍රෙන්ඩන් මැකලම්ගේ පුහුණුකාරිත්වය යටතේ එංගලන්තය ටෙස්ට් තරගවල සාර්ථකත්වය සහ ආක්‍රමණශීලී අනන්‍යතාවයක් මේ වනවිට සොයාගෙන තිබෙනවා.

සුදු පන්දුවේ නව පත්වීම යටතේ එංගලන්තය නැවතත් එක්දින සහ විස්සයි විස්ස ආකෘතිවල ඉහළම ස්ථානයට පැමිණීම අපේක්ෂා කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21