සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතමයන් අතරට

ICC Hall of Fame හෙවත් ශ්‍රේෂ්ඨතම නම් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ නමත් ඇතුළත් කර තිබෙනවා.

ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ විශිෂ්ට මෙහෙවර සැලකිල්ලට ගනිමිනුයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙය නිවේදනය කර තිබෙන්නේ

කුමාර් සංගක්කාර යනු මෙතෙක් බිහිවූ දක්ෂතම කඩුලු රකින්නෙක් මෙන්ම පිතිකරුවෙක්

වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ඔහු පන්දු වාර 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ නායකයෙක් වනවා.

එමෙන්ම ලෝක කුසලාන එක්දින අනුශූරතාව දෙවරක් දිනූ නායකයෙකු මෙන්ම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි පිතිකරුවෙකු ලෙස ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා

එක්දින වැඩි ම ලකුණුලාභීන් අතර ඔහු දෙවැනිවන්නේ සචින් තෙන්දුල්කාර්ට පමණයි .

ඊට අමතරව ටෙස්ට් වැඩිම ලකුණුලාභීන් අතර ඔහු පසුවන්නේ 6 වන ස්ථානයේයි .

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Hall of Fame විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට එක්වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි .

මීට පෙර සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නම 2016 වසරේදී මේ සඳහා ඇතුළත් කෙරුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26