සංගක්කාර ක්‍රිකට් සඳහා බාහිර ආයෝජනවලට අනුමැතිය ලබාදෙයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර විසින් ජාතික ක්‍රිකට් මණ්ඩලවලට සහ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට උත්සාහ දරන සෙසු රාජ්‍යයන්හි ජාතික ක්‍රිකට් මණ්ඩලවට අවසරයක් ලබා දී තිබෙනවා.

ඒ සිය ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරගැනීම වෙනුවෙන් බාහිර ආයෝජන හවුල් කරගැනීමටයි.

සංගක්කාර මේ බව ප්‍රකාශ කළේ; ක්‍රිකට් ක්‍රීඩාවේ සෞඛ්‍යය මට්ටම ගැන සිදු කළ සාකච්ඡාවකට Marylebone Cricket Club (MCC) විසින් ලෝඩ්ස් හි සත්කාරකත්වය යටතේ සිදු කෙරෙන World Cricket Connects හි උත්සවයකදී යි.

මෙම අවස්ථාවට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛ පෙළේ විචාරකයින් රැසක් ලෝඩ්ස්හි දී එක් වූ අතර, ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විකාශකයින්, බලයලත් හිමිකරුවන් සහ පරිපාලකයින් ද ඒ අතර වුණා.

ක්‍රීඩාවේ වර්ධනය, මූල්‍ය බෙදා හැරීම සහ ගෝලීය දින දර්ශනය ඇතුළු පුළුල් පරාසයක මෙම උත්සවයේ දී අදහස් හුවමාරු වූ බවත් වාර්තා වනවා.

” ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හි දියුණුවටත් මුදල් අවශ්‍යයි. ඊට ආයෝජන ඕන. හැබැයි ඒ සල්ලි එන්නෙ කොහොමද? ICC හරහා ගේම් ෆ්‍රැන්චයිස් වෙනවද? ස්වයං ව ක්‍රීඩාව තිරසාර කරගන්නේ කොහොමද?..” ආදී වශයෙන් සංගක්කාර සිය අදහස් පැමිණ සිටි විද්වත් සභාව හමුවේ ගෙනහැර පෑවා.

බොහෝ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවෙන් පිටත තරග කිරීමට ද අවශ්‍ය ව ඇති බවත් ක්‍රීඩාවේ ජීව ගුණය රඳා ගනිමින් එය සිදු කරන්නේ කෙසේද යන්නත් පිළිබඳ ව මෙහිදී සාකච්ඡා සිදු කෙරුණා.

පෞද්ගලික ආයෝජන හරහා හානියක් නොවන ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට තවදුරටත් රැගෙන යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීම කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14