සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ මෙරට ප්‍රධානී හා අගමැතිනි අතර හමුවක්

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානී ක්‍රිස්ටින් බී, පාර්කෝ මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය අතර හමුවක් පැවැත්වුණා.

මෙම හමුව පසුගියදා (01) පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දීයි.

මෙහිදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංක්‍රමණිකයින් සහ ඔවුන් මුහුණදෙන ගැටලු සහ ජාත්‍යන්තර සංවිධාන සමග ශ්‍රී ලංකාවේ ඇති අන්තර් සහයෝගීතාව ගැන ද වැඩි වශයෙන් සාකච්ඡා සිදු කෙරුණා.