සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 34ක් අතුරුදන්

ටියුනීසියානු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ළමුන් සහ ළදරුවන් ඇතුළු 34 දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

එය දින දෙකක් ඇතුලත ගිලී ගිය පස්වන සංක්‍රමණික යාත්‍රාව වන අතර, මේ වන විට පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බවට තහවුරු වී ඇති අතර 67 දෙනෙකු තවමත් අතුරුදහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද අනතුරට ලක්වූ බෝට්ටුව ඉතාලිය බලා යමින් තිබූ බවටයි ටියුනීසියා බලධාරීන් විශ්වාසය පළ කරන්නේ.

ටියුනීසියානු වෙරළාරක්ෂක භටයින් පසුගිය දින දෙක තුළ ඉතාලිය බලා පිටත්ව ගිය බෝට්ටු 56ක් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

ටියුනීසියානු ජාතික ආරක්ෂක බළකායේ Houssem Jebabli පැවසුවේ රට හැර යාමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 3,000කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බවයි.

යුරෝපයට යන සංක්‍රමණිකයන් තම ගමන් ආරම්භ කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට ටියුනීසියාව පත්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධාන දත්ත පෙන්වා දෙන්නේ මේ වසරේ ඉතාලියට පැමිණි සංක්‍රමණිකයන් 12,000ක් ටියුනීසියාව හරහා පැමිණ ඇති අතර පසුගිය වසරේ එම කාල සීමාව තුළ පැමිණ ඇත්තේ 1,300ක පමණ පිරිසක් බවයි.

ටියුනීසියාවේ දේශපාලන හා ආර්ථික තත්වය ස්ථාවර නොවන්නේ නම් යුරෝපය දෙසට සංක්‍රමණ රැල්ලක් ඇති විය හැකි බව සිකුරාදා බ්‍රසල්ස් හි පැවති සමුළුවකදී අදහස් දක්වමින් ඉතාලියේ අගමැති ජෝජියා මෙලෝනි අනතුරු අඟවා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ණයක් ලබා ගැනීමේ සාකච්ඡා ඇනහිටීමෙන් පසු ටියුනීසියාව මේ වන විට දරුණුතම මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ද ප්‍රකාශ කර ඇත්තේ ටියුනීසියාව මුල්‍ය අරමුදල සමග ණය දීමේ ගනුදෙනුවකට ඉක්මනින් එළඹිය යුතු බවයි.

2021 ජූලි මාසයේ සිට ටියුනීසියාව ද සැලකිය යුතු දේශපාලන අභියෝගවලට මුහුණ දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33