ෂේන් වෝන් මියයාමට පෙර හමුවූ තරුණියන් ගැන තොරතුරු එළියට

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ඔහුගේ කාමරයේ මිය යාමට පැය කිහිපයකට පෙර ෂේන් වෝන් නවාතැන් ගෙන සිටි සුඛෝපභෝගී තායි නිවාඩු නිකේතනයෙන් සම්භාහනය කරන්නියන් සිව් දෙනෙකු ගමන් කරන සීසීටීවී කැමරා දර්ශන දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රාදේශීය පොලිසියේ වාර්තාවක් උපුටා දක්වමින් මේ බව සදහන් කර තිබේ.

ෂේන් වෝන් හෘදයාබාධයකින් ඔහුගේ කාමරය තුළ මිය යාමට පැය දෙකකට පමණ පෙර මෙම සිද්ධිය සිදුව ඇත.

මිතුරන් පවසන්නේ 52 හැවිරිදි වෝන්, සිකුරාදා දහවල් ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ සිටි බවත් Koh Samui හි සුවිශේෂී Samujana Villa නිවාඩු නිකේතනයේදී කාන්තාවන් දෙදෙනෙකු විසින් වෝන්ව සම්බාහනය කර ඇති බවයි.

සිකුරාදා පස්වරු 1.53 ට කාන්තාවන් හතර දෙනෙකු නිවාඩු නිකේතනයට පැමිණෙන අයුරු සීසීටීවී දර්ශනවලින් ලබාගත් ඡායාරූප වලින් දැක්වේ. පොලිස් ආරංචි මාර්ග MailOnline මාධ්‍ය වෙත පවසා ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ කාමරයට පැමිණ ඇති බවයි.

පොලිසිය විශ්වාස කරනුයේ සම්බාහන ශිල්පීන් සිව් දෙනාම සවස 2.58 ට පිටව යන ආකාරය රූගත කිරීමට පෙර තවත් කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ මිතුරන් සමඟ පැය දෙකක් ගත කළ බවයි.

ක්‍රිකට් ක්‍රීඩක වෝන් සවස 5.15 ට ඔහුගේ කාමරයට ප්‍රතිචාර නොදක්වන බව මිතුරෙකු විසින් සොයා ගෙන තිබුනි. කාන්තාවන් නිවාඩු නිකේතනයෙන් පිටව ගොස් පැය දෙකයි මිනිත්තු 17 කට පසුව බවද අනාවරණය වේ.

වෝන්ගේ කාමරයට පැමිණි සම්බාහන ශිල්පීන් දෙදෙනා ඔහු ජීවතුන් අතර සිටියදී හමුවූ අවසන් පුද්ගලයින් බවට විශ්වාස කෙරේ.

අදාළ කාන්තාවන් හඳුනාගෙන තිබේද නැතහොත් පොලිසිය විසින් එම කාන්තාවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇද්දැයි මෙතෙක් වාර්තා නොවන බවද සදහන් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46